අවුරුදු සමයට බිත්තර ආනයනය කිරීමෙන් ලාංකික නිෂ්පාදකයා වළපල්ලට යැවීමේ සූදානමක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

  👤  2683 readers have read this article !
By mawbima 2018-03-21

කුරුණෑගල - සම්පත් සෙනවිරත්න

රජය විසින් එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ පිටරටින් බිත්තර ආනයනය කොට දේශීය බිත්තර ගොවියා අමු අමුවේ වළපල්ලට යැවීමේ සූදානමක් ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය "මව්බිම"ට පැවැසීය.

ලංකාවේ වැඩිම බිත්තර නිෂ්පාදන ව්‍යාපාරයේ යෙදී සිටින්නන් දක්නට ලැබෙන්නේ වයඹ පළාතේ බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් හයසියයකට (600) ආසන්න බිත්තර ගොවීන් සංඛ්‍යාවක් සිටින බවත් ගොවිජන සම්මේලනය කියයි.

මේ බිත්තර ගොවීන් බහුතරයක් බැංකු ණය හෝ මුදල් පොලියට ලබාගෙන එම ව්‍යාපාරයේ නිරත වන්නන් බව ස¼දහන් කරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජය විසින් මෙසේ බිත්තර ආනයනය කිරීමට සැරසෙන්නේ මේ දිනවල ලංකාවේ ලක්ෂ පහළොවකට (15,00,000) ආසන්න බිත්තර තොග අතිරික්තව තිබියදී බවද පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon