අර්ජුන ලංකාවට ගේන්න නීත්‍යනුකූල ක්‍රමයක් නෑ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

  👤  2688 readers have read this article !
By mawbima 2018-03-21

උදයන්ති මුණසිංහ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නීත්‍යනුකූල ලෙස මෙරටට ගෙන ඒමට නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා අවධාරණය කරයි.

ඉතිහාසය තුළ කිසිදු දිනෙක සිංගප්පූරු රජය විසින් ඔවුන්ගේ පුරවැසියකු ගෙන යෑමට කිසිදු රටකට ඉඩ ලබා නොදී තිබෙන බවත් අන්තර්ජාතික පොලිසියට සිංගප්පූරුවට ගොස් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ සිංගප්පූරුව සමඟ උදර්පන ගිවිසුම අස්සන් කළේ නම් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබුණු බවද ඔහු පෙන්වා දුන්නේය. එයද සිදු නොවූ බැවින් දැන් කළ හැකි වන්නේ ලංකාවේ නඩු තීන්දුව ලබාදී අර්ජුන මහේන්ද්‍රන්ගේ වත්කම් විකුණා අදාළ වන්දිය ලබා ගැනීම පමණක් බවත් නමුත් ප්‍රශ්නය වන්නේ ඔහුගේ වත්කම් කොහේ තිබෙනවාදැයි දන්නා කිසිවකුත් නොසිටීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙරේදා (19දා) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon