ස්ථාවර සහ ඉතිරිකිරීමේ තැන්පතු බද්ද දෙගුණ වෙයි

  👤  2954 readers have read this article !
By mawbima 2018-03-21

සිදත් මෙන්ඩිස්

මෙතෙක් කල් සම්පූර්ණයෙන් බද්දෙන් නිදහස් කර තිබූ ජේ‍යෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම වසරකට රුපියල් ලක්‍ෂ 15කට වැඩි නම් සියයට 5ක බද්දකට අප්‍රේල් මස 01 වැනිදා සිට යටත් කෙරේ.

නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ බැංකුවල සහ මූල්‍ය ආයතනවල ඉතිරි කිරීම් ගිණුම්වලින් සහ ස්ථාවර තැන්පතුවලින් ලැබෙන පොලිය මත අය කරන බද්ද ද සියයට 2.5 සිට සියයට 5 දක්වා ද වැඩි කෙරෙනු ඇත.

නව දේශීය ආදායම් පනතට අනුව උපයන විට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්‍ෂ 7 සිට රුපියල් ලක්‍ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මැද පෙරදිග සේවය කරන සේවකයන්ගේ මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සඳහා සියයට 5ක බද්දක් නව පනත මඟින් අය කෙරේ.

මැදපෙරදිග සේවය කරන්නන් සඳහා මීට පෙර මුදල් තැන්පතු මත සියයට 2 සිට සියයට 10ක් පමණ වන ලෙස විවිධාකාරයෙන් බදු අය කරන ලදී.

එම සියලු ක්‍රම අහෝසි කොට නව පනත මඟින් අදාළ පොලිය මත අය කරන බද්ද සියයට 5ක් බවට පත් කොට ඇත. නව පනත මඟින් රෝහල් සේවා හෝ ගාස්තු සඳහා කිසිදු බද්දක් පනවා නොමැති අතර පෞද්ගලික රෝහල් ව්‍යාපාර ආයතනයන් ලෙස ඔවුන්ගේ ගිණුම් වසර අවසානයේ ලබන ආදායම මත ගෙවනු ලබන බද්ද සියයට 28 දක්වා වැඩි කර ඇත.

නව දේශීය ආදායම් පනත මඟින් බදු අය කිරීම, බදු ව්‍යුහය වෙනස් කිරීම, බදු ක්‍රමය සරල කිරීම ඇතුළු වෙනස්කම් රැසකට අවශ්‍ය විධිවිධාන සලසා තිබේ.

පවතින දේශීය ආදායම් පනත මඟින් මුදල් අමාත්‍යවරයාට යම් යම් බදු සහන ලබාදීමට තිබූ විවිධ අවස්ථාවන් 200ක් පමණ ඉවත් කර දේශපාලන අධිකාරියට තිබූ බලතල අහෝසි කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon