මහනුවර හානිවලට අඩු පොලියට ණය

  👤  2792 readers have read this article !
By mawbima 2018-03-21

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හානියට පත් ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීමට රාජ්‍ය බැංකු කේන්ද්‍ර කරගනිමින් සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) තීරණය කර ඇත.

යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල විසිනි.

2017 ගංවතුර හේතුවෙන් හානියට පත් ව්‍යාපාරිකයන් සඳහා ලබාදුන් "අත්වැල ණය යෝජනා ක්‍රමය" යටතේ සියයට 2ක සහන පොලී අනුපාතයක් මත මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේ්කම්වරුන්ගේ නිර්දේශය මත මහනුවර දිස්ත්‍රික්කයේ හානියට පත්වූ ව්‍යාපාර වෙනුවෙන් කඩිනමින් ණය ලබා දීම සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon