පැණි බීම නිසා දරුවන් අතර දත් රෝග වැඩි වෙලා

  👤  2584 readers have read this article !
By mawbima 2018-03-21

දයා පෙරේරා

බෝතල් කළ පැණි බීම පානය හේතුකොට ගෙන ජාත්‍යන්තර සහ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්හි ඉගෙනුම ලබන දරුවන් දත් දියවීමේ (දන්ත ඛාදනය) රෝගයට ගොදුරු වී ඇතැයි සමීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පැණිබීමවල පවතින ආම්ලික තත්ත්වයේ වැඩි බව නිසා ඒ දරුවන් දත් දියවීමේ රෝගයට ගොදුරු වී ඇති බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ යැයි දන්ත රෝග විශේෂඥයෝ කියති.

දරුවන් මේ තත්ත්වයෙන් බේරා ගැනීමට නම් බෝතල් කළ පැණිබීම භාවිතය අවම කිරීමට පියවර ගතයුතු යැයිද එම වෛද්‍යවරු පවසති.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය ඊයේ (20දා) ට යෙදී තිබිණි. 'මුව සුව සිතුවිලි - ගෙන දෙයි සුව දිවි' යන තේමාවෙන් මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරේ.

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතයෙන් දිනකට දෙවතාවක් දත් මැදීමෙන් දන්ත රෝග බහුතරයක් වළක්වා ගත හැකි බව පෙන්වා දුන් ඔවුහු හෘද රෝග, නිදන්ගත ස්වසන රෝග, දියවැඩියාව ආදී රෝග සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධයක් පවතින්නේ යැයිද කියති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon