ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

  👤  2689 readers have read this article !
By mawbima 2018-03-21

කඩවත - උදාර මධුසංඛ

පුද්ගලයකුට පහරදීමේ චෝදනාව යටතේ ඊයේ (20දා) අධිකරණය හමුවේ පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා හෙට (22දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ක්‍රිෂාන්ත ද මැල් මහතා නියෝග කළේය.

මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 20දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

මේ චෝදනා සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇපකරයද මෙදින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා තම සේවාදායකයා අධිකරණය මඟහැරීමේ චේතනාවෙන් කටයුතු නොකළ බවත් මෙම නඩුව සමථයකට පත්කළ හැකි නඩුවක් බැවින් විත්තිකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රිවරයා සහ අනෙක් ප්‍රධාන සැකකරු මේ මස 22 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. කිරිබත්ගොඩ පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂයකුට පහරදුන් බවට ඒ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 20දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. මේ චෝදනා සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇපකරයද මෙදින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා තම සේවාදායකයා අධිකරණය මඟහැරීමේ චේතනාවෙන් කටයුතු නොකළ බවත් මෙම නඩුව සමථයකට පත්කළ හැකි නඩුවක් බැවින් විත්තිකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රිවරයා සහ අනෙක් ප්‍රධාන සැකකරු මේ මස 22 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. කිරිබත්ගොඩ පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon