පුටින් උඩින්ම...

  👤  3085 readers have read this article !
By mawbima 2018-03-20

රුසියාවේ පැවැති ජනාධිපතිවරණයේදී අති විශාල ජයග්‍රහණයක් හිමිකර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් (ඍතචඤඪථඪප ර්ථීභබඪද) හතර වැනි වතාවටත් ජනාධිපති ධුරයට තේරී පත්වී ඇත.

මේ වන විට වසර 18ක් රුසියාව පාලනය කර ඇති පුටින් තවත් වසර 6ක් එනම් 2024 දක්වා බලයේ සිටිනු ඇත.
දැනට 65 හැවිරිදි වියේ පසුවන පුටින්ට මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ හිමිවූ ධුර කාලය නිමාවනු ඇත්තේ ඔහු 71 වැනි වියට පා තබද්දීය.
පවතින රුසියානු නීති තත්ත්වය යටතේ පුටින් ජනාධිපතිවරයාට නැවත මැතිවරණයකට තරග කිරීමට නොහැකි වෙතත් මෙම ධුර කාලයෙන් පසුව නැවතත් ඔහු සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ගණනය කළ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 76%ක් ලබා ගැනීමට පුටින් ජනාධිපතිවරයාට හැකිවී ඇතැයි රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. ව්ලැදිමීර් පුටින් සමඟ තවත් අපේක්ෂකයන් අට දෙනෙක් ජනාධිපතිවරණයේදී තරග වැදුණහ. ඔහුට පසුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වූයේ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා වූ පාවෙල් ගෘඩිනින් (ර්ථීචමඥත ට්පභඤඪදඪද) ටය. පාවෙල් ලබාගෙන තිබූ ඡන්ද ප්‍රතිශතය 11.79%කි.
ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් ජනාධිපතිවරණය පැවැති 2012දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම කැපී පෙනෙන්නකි. 2012 වසරේදී ඔහු ජයග්‍රහණය කළේ 64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.

ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය කාලය සමඟ වර්ධනය වී ඇති බව මැතිවරණ ප්‍රතිඵල මඟින් පෙනී යයි. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු රුසියාව ස්ථාවර කිරීමට ඔහු ගත් පියවර පිළිබඳ ජනතා ප්‍රසාදය ඊට හේතු වී තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී පුටින්ට එරෙහිව අභියෝගයක් එල්ල කළ ප්‍රබලම අපේක්ෂකයා ඇලෙක්සි නවාල්නි (ඒතඥයඥඪ ව්චමචතදර) ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වංචාවකට වැරැදිකරු වීම හේතුවෙන් තහනම් විය. එම චෝදනාව දේශපාලන මුහුණුවරක් ගත්තක් බවටද චෝදනා නැඟී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon