අරක්කු බොන්න සල්ලි නුදුන්නැයි සැමියා බිරියගේ හිසට පොල් ගෙඩියකින් ගසා මරා දමලා

  👤  3730 readers have read this article !
By mawbima 2017-07-17

වෙල්ලස්සේ - සේපාල

අරක්කු බීමට මුදල් ඉල්ලා නොදුන් නිසා බිරිය සමඟ ආරවුලක් ඇතිකරගෙන බිරිය රෙදි සෝදමින් සිටියදී පිටුපසින් ගොස් පොල් ගෙඩියකින් හිසට පහරදී බිරිය ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරික්කෝවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි විලේතම්බිජෝ සුන්දරි නමැති 38 හැවිරිදි සිවුදරු මවකි.

පෙරේදා (15දා) පෙරවරු 9.30ට පමණ මේ ඝාතනය සිදුකර ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දේහය අම්පාර රෝහලට රැගෙන ගොස් ඇත.
තිරික්කෝවිල් පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සදාත් මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන් උදයකුමාර් (44091), ඉෂාන් (43220) පොලිස් කොස්තාපල් පුෂ්ප ශාන්ත (36054) වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon