සමෘද්ධිලාභියාගේ නිවෙසට හදිසි ගින්නකින් බරපතළ අලාභ හානි

  👤  3004 readers have read this article !
By mawbima 2018-03-20

මීගහකිවුල - රුවන් කුමාර

මීගහකිවුල පොල්වත්ත දියකොලගහවත්ත ගම්මානයේ සමෘද්ධිලාභියකු පදිංචිව සිටි නිවෙසක පසුගියදා (17දා) සවස 5ට පමණ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම නිවෙස හා එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා යතුරුපැදියක් ඇතුළු භාණ්ඩ තොගයක් මුළුමනින්ම පිලිස්සී විනාශයට පත්ව ඇත.

නිවැසියන් නොසිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එය විදුලි කාන්දුවකින් සිදුවූවේ දැයි නිවැසියන් සැක කරයි.
ගින්නට හසුවීමෙන් එහි තිබූ වටිනා ලියකියවිලි, ගෘහභාණ්ඩ, විදුලි උපකරණ ආදී සියලු දේම විනාශයට පත්ව ඇති අතර ඇඳිවත පමණක් තමුන්ට ඉතිරි වූ බව නිවෙස අයිති ආර්. එම්. ජයසේන මහතා පැවැසීය.

මේ විපත හේතුවෙන් තමුන් ඇතුළු පවුලේ උදවිය දැඩි සේ අසරණව සිටින බවද ඔවුහු පවසති.
මඩොල්සිම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

කැප්ෂන්
ජයසේන මහතා සහ බිරිය

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon