පට්ටිපොළ සිට දුම්රියෙන් දිනකට ජල ලීටර් ලක්ෂ 2ක් ජනතාවට බෙදාදීමේ සැලැස්මක්

  👤  3543 readers have read this article !
By mawbima 2017-07-17

ආරියරත්න ගනේගොඩ

පට්ටිපොළ සිට දුම්රියෙන් දිනකට ජල ලීටර් ලක්ෂ දෙක බැගින් ගෙනැවිත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මහියංගණය ජල ව්‍යාපෘතියේ සිට එම ජලය බවුසර් මඟින් ජනතාවට බෙදාහරිනු ලබයි.

එලෙස ජලය බෙදාහරිනු ලබන්නේ උෟව පළාත් සභාවේ ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුවය.

මීට අමතරව බදුල්ල දෙමෝදර, ජල ව්‍යාපෘතියෙන් තවත් ජල ලීටර් දෙලක්ෂයක් පමණ බවුසර්වලින් බෙදිය හැකි බවද මකුල්ඇල්ල හා වෙහෙරගල තැන්න ඉදිකරමින් පවතින ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උෟව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා පැවැසීය.

බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලෙස බණ්ඩාරවෙල විසල් ව්‍යාපෘතිය යටතේ මිලියන 17,000ක වියදමින් උමා ඔය ජලාශයේ සිට ජලය රැගෙන ඒමට මධ්‍යම රජය කටයුතු කරගෙන යන බවද ප්‍රධාන ඇමැතිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්