හොර සිගරැට් තොගයක් වනසයි වටිනාකම රු. මිලියන 175ක්

  👤  3062 readers have read this article !
By mawbima 2018-03-20

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 175ක පමණ වටිනාකමින් යුතු නීති විරෝධී දුම්වැටි මිලියන 3ක් ඊයේ (19දා) දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී විනාශ කරනු ලැබීය.
මැලේසියාවේ සිට එම නීති විරෝධී සිගරැට් ආනයනය කොට තිබිණි.
කොළඹ 03 ප්‍රදේශයේ පදිංචි අයිතිකරුවකුගේ නමකට එම සිගරැට් ආනයනය කොට තිබුණද ඒ සඳහා අයිතිකරුවකු ඉදිරිපත් වී නොමැති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.බී. ඤාණරාජ් මහතා පැවැසීය.

නීති විරෝධී සිගරැට් ගෙන්වීමෙන් වසරකට රුපියල් බිලියන 22.5ක පමණ අලාභයක් ශ්‍රී ලංකාවට සිදුවන බව දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් මෙහිදී සඳහන් කළේය.

මැලේසියාවෙන් ගෙන්වන ලද දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලදී.
ඡායාරූප - මංජුල දයාවංශ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon