මළ ගෙදර ආ තාත්තා එක්ක බන්ධනාගාරයට යන්න ඉල්ලා පුංචි දුව හඬා වැටෙයි

  👤  3638 readers have read this article !
By mawbima 2018-03-20

මුලතිව් - ශෂිකුමාර් ඕමන්ත - ශේෂලා අමරසිංහ

කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ ජීවිතාන්තය දක්වා සිරගතව සිටින පුද්ගලයකුගේ බිරිය මියයෑමෙන් පසුව බිරියට අවසන් ගෞරව දැක්වීමට එම පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් විසින් අවස්ථාව සලසා තිබූ අතර එම අවසන් ගෞරව දැක්වීම මහත් සංවේදී අවස්ථාවක් විය. ආනන්ද සුදාකාර් නමැති පුද්ගලයා 2008 වසරේදී කොළඹ බෝම්බ තැබීමේ සිද්ධියකට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගතව සිටින අතර පසුගිය 16 වැනිදා ඔහුගේ බිරිය වූ ආනන්ද සුදාකර් යෝගරාණි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. ඇයගේ අවසන් කටයුතු මරදනගර් හිදී පෙරේදා (18දා) පැවැත්විණි.
සිය බිරියගේ අවසන් කටයුතු දැක බලා ගැනීමට අවස්ථාව ලබාදෙන මෙන් ආනන්ද සුදාකර් විසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බන්ධනාගාර දැඩි ආරක්ෂාව මැද එම නිලධාරීන් විසින් අවස්ථාව සලසා දී තිබිණි.

සිය බිරියට අවසන් ගෞරව කිරීමට පැමිණි ආනන්ද සුදාකර්
වැළපුණු අවස්ථාව කාගේත් නෙතගට කඳුළු ඉනූ අතර ඔහු නැවත පොලිස් ආරක්ෂාව යටතේම බන්ධනාගාරය වෙතට රැගෙන යන ලදී.
ආනන්ද සුදාකර් හට

ළමුන් දෙදෙනකු සිටින අතර ළමුන් සමඟ මඳ වෙලාවක් කාලය ගත කිරීමටද බන්ධනාගාර නිලධාරීන් විසින් ඉඩ සලසා දී තිබුණු අතරම සිය බිරියගේ අවසන් කටයුතු සිදුකොට ආනන්ද සුදාකර් නැවත බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී දියණිය දිවගොස් බන්ධනාගාර බස් රථයටද ගොඩවී පියාගේ අතේ එල්ලී හඬා වැළපීම මහත් සංවේදී අවස්ථාවක් විය. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් දියණිය ඥාතීන්ට හට භාර දෙද්දී ආනන්ද සුදාකර්ද නැවත බන්ධනාගාරයට ගියේ හැඬූ කඳුළෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon