හදිසි නීතිය ඉවතට

  👤  3219 readers have read this article !
By mawbima 2018-03-19

හදිසි නීති තත්ත්වය ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අස්සන් තබා තිබේ.
ජපානයේ සාර්ථක රාජ්‍ය සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි ජනාධිපතිවරයා 2018.03.06දා ඔහුගේ නියමය මත ප්‍රකාශයට පත් කෙරුණු හදිසි අවස්ථා නියෝගය පෙරේදා (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

ජපන් සංචාරය නිමා කරමින් පෙරේදා රාත්‍රි 11.30ට පමණ මෙරටට පැමිණි ජනාධිපතිවරයාගේ මුල්ම නිල රාජකාරිය වූයේ එම විශේෂ ගැසට් නිවේදනයට අස්සන් තැබීමයි.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පසුගිය 6දා ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය සතියක කාලයකට පමණක් ක්‍රියාත්මක කරනු ඇතැයි රජය ප්‍රකාශ කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon