කබීර්ට එරෙහිව පළාත් පාලන අපේක්‍ෂකයෝ විරෝධතාවක

  👤  3243 readers have read this article !
By mawbima 2018-03-19

උපතිස්ස පෙරේරා

එජාපය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතනවලට මෙන්ම සෙසු පළාත් පාලන ආයතනවලටද මන්ත්‍රිවරුන් නම් කිරීමේදී අක්‍රමිකතාවන් සිදුව ඇති බවට චෝදනා කරමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා එම තනතුරෙන්...ඉවත් කර කිසිදු වෘත්තියකට සම්බන්ධ නොමැති අයකු පත් කරන ලෙස ඉල්ලමින් එජාප පළාත් පාලන ආයතන අපේක්‍ෂකයන් රැසක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඉකුත් සතිය ආරම්භ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකින් ඇරැඹුණු මෙම විරෝධතාව ඉකුත් සති අන්තයේ මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛන ගැසට් පත්‍ර ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දිස්ත්‍රික්ක ගණනාවකට ව්‍යාප්ත වී තිබේ.

පක්‍ෂයේ අවශ්‍යතා සඳහා කබීර් හෂීම් මහතා දුරකතනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි බවත් කලක් තිස්සේම එජාපයට දරදිය අදිමින් කටයුතු කළ පාක්‍ෂිකයන් වෙනුවට මෙවර පළාත් පාලන ආයතන සඳහා එම කොට්ඨාසවල ඡන්දදායකයන් නොදන්නා පිරිස් මන්ත්‍රිවරුන් ලෙස නම් කිරීම බලවත් අසාධාරණයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අසාධාරණයට ලක්වූ එජාප අපේක්‍ෂකයන් පිරිසක් හෙට (20දා) සිරිකොත අබියසදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon