නිවෙසක තනි කර දමා සිටි තවත් දරුවන් දෙදෙනකු පොලිසිය බේරාගෙන

  👤  3388 readers have read this article !
By mawbima 2018-03-19

දිවුලපිටිය, කඩවල ප්‍රදේශයේ නිවෙසක් තුළ මවුපිය රැකවරණය නොමැතිව සිටි අවුරුදු 01යි මාස 10ක් වයසැති සහ අවුරුදු 03යි මාස 02ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනකු දිවුලපිටිය පොලිසිය භාරයට ගෙන ඔවුන්ගේ රැකවරණ පතා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (17දා) ඉදිරිපත් කරනු ලැබීය.

එම දරුවන් දෙදෙනා ගම්පහ, බුත්පිටිය ප්‍රදේශයේ පිහිටි රජයේ ළමා නිවාසයක රඳවන ලෙසට දිවුලපිටිය පොලිසියට නියෝග කළ මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ක්‍රිෂ්ටි පෙරේරා මහතා, මවුපියන් පිළිබඳ වැඩිදුර වාර්තාවක් ලබන 20 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දිවුලපිටිය පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

මව දරු දෙදෙනා සහ සැමියාව අතහැර ගොස් ඇති බවත් පියා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූවකු බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවත් එම දරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් දිවුලපිටිය පොලිසියේ පොලිස් කොස්තාපල් වී.එස්.ඩබ්ලිව්. තරංග (86512) අධිකරණය හමුවේ පැවැසූ අතර දිවුලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් කොස්තාපල් චමිලා (4357) මහත්මිය දරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon