දුම්රිය ගාස්තු ඉහළට

  👤  3412 readers have read this article !
By mawbima 2018-03-19

ලබන අප්‍රේල් මාසයේ සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කරයි.

නව ගාස්තු චක්‍රය ඇතුළත් කැබිනට් පත්‍රිකාවට ඉදිරි දෙසතිය තුළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව පෙන්වා දෙන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා රුපියල් 10ක් වන අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් නොවන නමුත් එම මුදලින් ගමන් කළ හැකි කිලෝමීටර් 10ක් වූ දුර කිලෝමීටර් 6 දක්වා අඩුකර ඇතැයිද පවසයි.
දුම්රිය ගාස්තුව මෙසේ සංශෝධනය කරනුයේ වසර 10කට පසුව බවත් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව යම් ප්‍රමාණයකින් හෝ අවම කිරීමට නව සංශෝධනය යටතේ හැකිවනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon