මිනින්දෝරු වර්ජනය අද සිට අඛණ්ඩව

  👤  3249 readers have read this article !
By mawbima 2018-03-19

රජයේ මිනින්දෝරු සංගමය පසුගිය 14දා ආරම්භ කළ තෙදිනක සංකේත වැඩ වර්ජනය අද (19දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා ප්‍රකාශ කරයි.

දේශීය මිනින්දෝරුවන් යොදාගෙන රුපියල් කෝටි 1,000ක වියදමින් ඉඩම් කැබලි ලක්ෂ 11ක් මැන අවසන් කර සින්නක්කර ඔප්පු ලබාදීමට හැකියාව තිබියදී යහපාලන ආණ්ඩුව නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් කෝටි 2,500කට අධික මුදලකට සියයට 4ක පොලියට විදේශ ණයක් ලබාගෙන එම කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු සමාගමකට පැවැරීමට එරෙහිව එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටියි.
සංගමයේ නියෝජිත පිරිසක් සමඟ අගමැති උපදේශක ජේ. දඩල්ලගේ මහතා ඉකුත් සිකුරාදා (16දා) පැවැත්වූ සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන් වූ බවද එම සංගමය කියයි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සංගමයේ නියෝජිත පිරිසක් අතර තවත් සාකච්ඡාවක් අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත වුවද තම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon