රුසියාවේ මැතිවරණ කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

  👤  3339 readers have read this article !
By mawbima 2018-03-19

රුසියාවේ ඊයේ (18දා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹී මඳ වේලාවකට පසුව එරට මධ්‍යම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මධ්‍යම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පරිගණක අක්‍රිය විය.

එහි වෙබ් අඩවියද මීට පෙර සයිබර් ප්‍රහාරයකින් ඇනහිටියේය. එකී සයිබර් ප්‍රහාරය උදෑසන 2 සිට 5 දක්වා සිදුවී ඇති අතර රටවල් 15ක සිට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ. මධ්‍යම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී එලා පැමිෆිලෝවා රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවයට පවසා ඇති ආකාරයට එල්ල වී ඇත්තේ ච්ච්ර්ණීඉ ප්‍රහාරයකි.
මෙවර ජනාධිපතිවරණයේදී හතර වැනි වතාවටත් රුසියානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අපේක්ෂාව විය.
මැතිවරණයට පෙර දින එනම් සෙනසුරාදා සිටම වෙනත් ආයතනයන්හි වෙබ් අඩවිවලටද සයිබර් ප්‍රහාර එල්ලවීමට පටන්ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon