රට ගිනි අවුළවා හෝ රනිල් අගමැතිකම බේරා ගනීවි

  👤  3052 readers have read this article !
By mawbima 2018-03-19

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව කුමන විශ්වාසභංගයක් ගෙන ආවද රට ගිනි අවුළුවා හෝ අගමැතිකමත් පක්‍ෂ නායකකමත් බේරා ගැනීමට ඔහු කටයුතු කරන බව පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල මහතා පැවැසීය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහට ගෙන එන විශ්වාසභංගය පාවිච්චි කොට රාජපක්‍ෂ කෙනකු අගමැති කරවීමේ උත්සාහයක් තිබෙන අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය එයට ලැබී තිබෙන බව දැන ගන්නට ඇති බවත් ඔහු සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර නාකන්දල,

''දැන් මේ දිනවල රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා. අපි දන්න විදියට අපේ රටේ දේශපාලන දර්ශනය අනුව ඔහුට විරුද්ධව විශ්වාසභංග ආවත් නාවත් ඒ වෙනුවට වෙන කෙනෙක් පත් වුණත් ලොකු වෙනසක් වෙනවා කියලා විශ්වාස කරන්න බෑ.
හැබැයි මේ රටේ බිහිවුණු අසාර්ථකම අගමැතිවරයෙක් හැටියට, ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන එක සාධාරණයි කියලා අපි දන්නවා. බොහෝ දෙනෙක් කිව්වා රනිල් වික්‍රමසිංහ කියන්නේ නළුවෙක් නෙවෙයි මොළයක් කියලා. හැබැයි දැන් අපිට තේරෙනවා. අවුරුදු තුනකට පස්සේ මේ මොළයක් නෙවෙයි අලයක් කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon