අඟුණුකොළපැලැස්සේ වළදමා ඇත්තේ ‘කොස් මල්ලි’ගේ සිරුරද?

  👤  3154 readers have read this article !
By mawbima 2018-03-19

කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගිය 7 වැනිදා සොයාගත් පණ්ඩිතගේ සාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ හිසට අයත් ශරීරය සඟවා ඇතැයි සැක කරන ස්ථානයක පරීක්ෂණ කටයුතු ඊයේ (18දා) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් සැකකරුවන් හතරදෙනකු කඹුරුපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කසුන් හෙවත් රාලහාමි, අමිල සම්පත්, පාතාල නායකයකු වන මධුෂ්ගේ ඥාති පුතකු ඇතුළු සිවුදෙනෙකි. අමිල සම්පත් නමැත්තාට විරුද්ධව අධිකරණයේ නඩු 50ක් පමණ තිබෙන අතර නඩුවක් සඳහා සියඹලාණ්ඩුව අධිකරණයට ගෙනැවිත් සිටියදී අධිකරණයෙන් පැන ගිය අයකු බවද පොලිසිය කියයි. කසුන් නොහොත් රාලහාමි සහ අමිල සම්පත් මධුෂ්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු බවද අනාවරණය වෙයි.

අත්අඩංගුවට ගත් අය කඳින් බෙල්ල වෙන් කළ සිද්ධියට සම්බන්ධ බවටද කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව එම කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායමක් ඊයේ අඟුණුකොළපැලැස්සට ගිය අතර සැකකරුවන් ඊයේ සවස දෙයියන්දර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් නියෝගයක් අනුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසරයක් ලබාගෙන තිබේ.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අඟුණුකොළපැලැස්ස, මුරවැසිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් වගා කර තිබූ භූමියක පුද්ගල ශරීරයක් වළලා ඇති බවට කර තිබූ ප්‍රකාශ අනුව මෙම ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි මහේෂ් නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක එස්.පී.ඩී. ජේ. නිශාන්ත, උප පොලිස් පරීක්ෂක දුනුසිංහ, පොලිස් සැරයන් ප්‍රියන්ත (3856), පොලිස් කොස්තාපල්වරුන් වන ධනුෂ්ක (72701), වික්‍රමනායක (84333), අනුර (74109), බණ්ඩාර (61162), පුෂ්පකුමාර (86669), සාලින්ද (84328), පොලිස් කොස්තාපල් රියැදුරු අසංක (89729) නිලධාරීහු පැමිණ සිටියහ. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් හා අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහායද මෙම පරීක්ෂණවලට ලැබී අධිකරණ නියෝගය මත මළ සිරුර අද ගොඩගැනීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon