පළාත් සභා කල් දාන්නේ නැතිව දින නියම කරන්න

  👤  3147 readers have read this article !
By mawbima 2018-03-19

ජේ.ටී. ද සිල්වා

පළාත් පාලන ඡන්දය කල්දැමූ ආකාරයට දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා මැතිවරණයද කල් දැමීමේ සූදානමක් පවතින බැවින්, වහාම පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා දින නියම කර ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දෙන්නැයි විවිධ සංවිධානවලින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සහ ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

ඉකුත් ඔක්තෝබර් මස 2 වැනි දින සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී අප්‍රේල් 2 වැනිදා වනවිට මාස හයක් සම්පූර්ණ වන හෙයින් එම පළාත් සභා සඳහා මැතිවරණය වහාම පවත්වන්නැයි, ඉල්ලීම් ගලාගෙන එමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි සඳහන් කරයි.
මෙම පළාත් සභා සඳහා මැතිවරණය පැවැත්වීමට සියලු තොරතුරු ලබාගෙන පෙබරවාරි 04 වැනිදා වනවිට ප්‍රකාශයක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇතත් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලිවල සඳහන්ව ඇතැයිද දැනගන්නට ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සියලු පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නුදුරු දිනකදී කටයුතු කරනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon