පාන්දරින්ම දියවන්නාවේ දිය නෑ ඇමැති බෑනා පැන ගිහින්

  👤  3768 readers have read this article !
By mawbima 2018-03-19

තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාවක සිට බීමත්ව පැමිණෙමින් සිටියදී පෙරේදා (17දා) අලුයම 6ට පමණ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත් කරමින් දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන පැමිණි බව කියන එජාප ප්‍රබලයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකුගේ බෑනා පලාගොස් තිබේ. ඊයේ (18දා) සවස් වනතුරුත් මෙම අනතුර පිළිබඳ ප්‍රදේශයේ පොලිසිය වූ තලංගම පොලිසියට වාර්තා කර නැත.

ඇමැති ඥාතියා පදවාගෙන පැමිණි බී.එම්.ඩබ්ලිව්. රථයේ ගැටුණු වාහන දෙකට දැඩි අලාභ හානි සිදුවුවද, ඒවායේ ගමන් කළ පුද්ගලයන්ට හානියක් සිදුව නැත. එම අනතුර පිළිබඳ ඔවුහු තලංගම පොලිසියට පැමිණිලි කර තිබේ.

දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. රථයේ ඇමැති ඥාතියා සමඟ සිටි තවත් පුද්ගලයකු ‍ෙදාරවල් විවෘත කරගෙන රථයෙන් ඉවතට පැමිණ ත්‍රිරෝද රථයක නැඟී පලාගිය බවත් ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවත් සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ. අංක එර්ථී ර්ථීඛ් 18-3182 දරන මෙම බී.එම්.ඩබ්ලිව්. රථය කොළඹ 5 ප්‍රදේශයේ එක්තරා සමාගමකට අයත් බව හෙළිවී ඇත. එම සමාගමේ නිලධාරියකු පැමිණ අනතුරට පත් රථ දෙකේ හිමිකරුවන් හමුවී සිද්ධිය සමථයකට පත්කර ගැනීමට උත්සාහ කර ඇතත් බී.එම්.ඩබ්ලිව්. රථය පදවාගෙන පැමිණියේ කවුදැයි හෙළිකර නොමැත. අනතුරට පත් බී.එම්.ඩබ්ලිව්. රථය එම ස්ථානයෙන් ඉවතට ගෙන පොලිස් භාරයේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තිබේ. මෙම මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා කවුදැයි දැන ගැනීමට 'මව්බිම' උත්සාහ කළද තලංගම පොලිසිය එය අනාවරණය කළේ නැත.

මේ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ අංක 0718591882 දරන ජංගම දුරකතනයට කිහිප විටක් ඇමතුවත් ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon