12 වැනි ‘රන් සටන’ත් ජය පැරදුමෙන් තොරයි

  👤  3156 readers have read this article !
By mawbima 2018-03-19

ඉෂාන් රශ්මිත

කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම දෙවිදුහල් අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති 12වැනි "රන් සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, මහානාම විද්‍යාලය වැඩි ගෞරව දිනා ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ මහානාම පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක ඉනිම ලකුණු 156කට සීමා කිරීමට මහානාම පන්දු යවන්නන් සමත්වූ අතර, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහානාම පිල තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 217ක් රැස් කිරීමට සමත්විය.
ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 61ක් පසුපසින් සිට තම දෙවැනි ඉනිම ඇරඹූ ඩී.එස්. සේනානායක පිල තරගය නිමවන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 76ක් රැස් කළේය.

මහානාම විද්‍යාලයේ උප නායක පැතුම් බොතේජු මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම _ 156 (පන්දුවාර 59) ෂෙනාල් චන්ද්‍රසේකර 56, විහාන් ගුණසේකර 45, හේෂාන් හෙට්ටිආරච්චි 49/4, ෂොනාල් දිනූෂ 18/2, හෂාන් සංදීප 45/2 මහානාම: පළමු ඉනිම _ 217/9 (පන්දුවාර 87.2) පැතුම් බොතේජු 93, ෂොනාල් දිනූෂ 44, පවන්ත වීරසිංහ 33, මෙතුෂාන් කුමාර 31/3, අභිනාෂ් කෝබුල් 41/3 ඩී.එස්. සේනානායක: දෙවැනි ඉනිම _ 76/5 (පන්දුවාර 31) චමත් යටවර 17, අභිෂේක් ලියනාරච්චි 15, විහාන් ගුණසේකර 15, ළහිරු විතාන 8/2, හෂාන් සංදීප 16/2

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon