වැඩි ගෞරව කිංග්ස්වුඩ් විද්‍යාලයට

  👤  3087 readers have read this article !
By mawbima 2018-03-19

ඉෂාන් රශ්මිත

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති "කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය" 112 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට වැඩි ගෞරව සහිතව ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කිංග්ස්වුඩ් පිල වසර 60කට පසුව මෙම තරග ඉතිහාසයේ තම 20වැනි ජයග්‍රහණය අබියසට පැමිණියද කාලය හරස්වීමෙන් එය වැළකී ගියේය.
කාසියේ වාසිය දිනාගත් ධර්මරාජ පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස්වුඩ් පිල තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 166ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ධර්මරාජ පිලට රැස් කරගත හැකිවූයේ ලකුණු 111ක් පමණි. තම ප්‍රතිවාදීන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිට තම දෙවැනි ඉනිම ඇරඹූ කිංග්ස්වුඩ් පිල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවූයේ ධර්මරාජ පිලට පන්දුවාර 39කදී ලකුණු 240ක ඉලක්කයක් ලබා දෙමිනි. ධර්මරාජ පිල තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කිරීමට සමත්විය.

පළමු ඉනිමේදී ලකුණු 33ක්, දෙවැනි ඉනිමේදි ලකුණු 57ක් රැස් කළ සහ පන්දු යැවීමෙන් කඩුලු 3ක් දවාලූ කිංග්ස්වුඩ් නායක ගනිඳු කඹුරුගමුව මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර, සෞම්‍ය පියසේන (කිංග්ස්වුඩ්) තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය. ලක්මාල් ද සිල්වා (කිංග්ස්වුඩ්) දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, ධර්මරාජ නායක භවන්ත උඩංගමුව (ධර්මරාජ) තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ.

කිංග්ස්වුඩ්: පළමු ඉනිම _ 166 (පන්දුවාර 53) ධනංජය මධුරංග 42, දුලීන් විජේනාරායන 40, ගනිඳු කඹුරුගමුව 33, දුමිඳු දම්සික 20, හෂික ගමගේ 12, බිනුර රාජපක්ෂ 11, යසිත සමරරත්න 49/3, විරාජිත් ඇහැළේපොළ 47/2, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 35/2 ධර්මරාජ: පළමු ඉනිම _ 111 (පන්දුවාර 51) භවන්ත උඩංගමුව 30, ඉසුරු දයානන්ද 24, දුලාජ් බණ්ඩාර 12, සචින්ත සේනානායක 12, උත්පල ජයලත් 22/3, ලක්මාල් ද සිල්වා 40/3 කිංග්ස්වුඩ්: දෙවැනි ඉනිම _ 184/5 (පන්දුවාර 40.4) සෞම්‍ය පියසේන 60, ගනිඳු කඹුරුගමුව 57, හෂික ගමගේ 38, විරාජිත් ඇහැලේපොල 53/2 ධර්මරාජ: දෙවැනි ඉනිම _ 122/8 (පන්දුවාර 45) සචින්ත සේනානායක 52, ඉසුරු දයානන්ද 31, චේතිය ඒකනායක 21, ගනිඳු කඹුරුගමුව 21/3, ලක්මාල් ද සිල්වා 48/3

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon