බටහිර න්‍යාය පත්‍රය අතේ තියන් ඉන්න රනිල්ව අගමැති පුටුවෙන් එලවමු

  👤  3327 readers have read this article !
By mawbima 2018-03-19

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කරලා ඡන්ද විමසන්න ඕන. ආණ්ඩු පක්ෂයේ උදවියත් ඇතුළුව එකසිය දහතුනකට වඩා වැඩි ඡන්දයකින් ඔය විශ්වාසභංගය සම්මත කරන්න අපිට පුළුවන් කියල අපිට විශ්වාසයි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
විමල් වීරවංශ මහතා එසේ පැවැසුවේ පෙරේදා (17දා) ජාතික නිදහස් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය තංගල්ලේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

වික්‍රමසිංහව ඔය පුටුවෙන් එළවන එක තමයි පළමුවැනි දේ. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ අතේ තමයි බටහිර න්‍යායපත්‍රය තියෙන්නේ. උන්නැහැ තමයි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සුවච කීකරු ගෝලයා. ඒ න්‍යාය පත්‍රය ඉදිරි මාස කිහිපය තුළ දිගේලි වෙන එක නවත්වන්න ඕන. එහෙම වළක්වන්න නම් ඒ න්‍යාය පත්‍රය අතේ තියාගෙන කර ගහගෙන ඉන්න නියම රූකඩ පාලකයව ඔය පුටුවෙන් එළවන්න ඕන.

රනිල් බලනවා කොහොමහරි මේක කතානායකට දෙන එක වළක්වන්න. සමහර විට අපේ කඳවුරේම අයව යොදාගන්න බලනවා ඒක කරන්න. ඒකට සමහරු මෙහෙම තියරියක් දානවා. රනිල් එළෙව්වොත් වෙන කෙනෙක් ඕක අල්ලයි. එතකොට ජනාධිපතිවරණයේදී ඒ අලුත් කෙනා එක්ක තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒක පාඩුයි. ඒ නිසා එයා ඉන්න එක හොඳයි. ඒ එක තියරියක්.

මේක ගහ මරාගන්න, ආර්ථික වශයෙන් බෙලහීන වුණු, දුගීභාවය කරවටක් ගිලුණු මිනිස්සු ඉන් රටක් බවට පත් කරන්නයි බටහිරට ඕන. ඒක කරන්න තමයි වික්‍රමසිංහව එයාලට ඕන. මාම කළුජූලිය හැදුවා. බෑනා තෙල්දෙණියේ ගින්න තිබ්බා. මාම සංවර්ධන සභා ඡන්දෙ කොල්ලකෑවා, යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බා. බෑනා තෙල්දෙණිය ගිනි තිබ්බා. අම්මප ඒ මාමගෙම බෑනා. මාමා අඩුගානේ ස්වාභාවික මිනිහෙක්. නමුත් බෑනා අස්වාභාවික මිනිහෙක්.
පෙබරවාරි දහය මිනිස්සු ගහපු කතිරේ නිසා මැතිවරණයට පෙර ඇඳපු කාටූන්වල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, අපේ ඇඳුම් ඉරිලා තිබුණේ. පැච් දාලා තිබුණේ. දහවැනිදායින් පස්සේ නම් පැච් නෑ. කාටූන් එකේ අපේ ඇඳුම් තිබුණු පැච් එක විතරක් නැති වුණාම ඇතිද.

අද චම්පික රණවක කියනවා ආණ්ඩුවක් නෑලු. එතකොට එයා ඇමැති කෙනෙක් නේද කියල ඇහුවම ඒක දන්නෙ නෑලු. ඒකට කියන්නේ දේශපාලනික වශයෙන් මඤ්ඤං වෙනවා කියලා. ඒ මඤ්ඤං වෙන්නේ වැරැදි තීරණ ගත්තම. රතන හාමුදුරුවො කියනවා. මේ ආණ්ඩුවෙ අගය කරන්න කිසිම දෙයක් නෑලු. සාදු සාදු සාදු. ජනවාරි අටට කලින් මේව දකින මිනිස්සු තමයි මිනිස්සු. ජනවාරි අට මේ රට වළට වට්ටලා. රට ගිල්ලලා. සොහොන් ලකුණු පහළ වෙනකොට මේව දැක්කට වැඩක් නෑ. වැදගත්කම තියෙන්නේ කල්තියා දකින්න ඕන. ඒ පාපතර මෙහෙයුම විනිවිද දකින්න ඕන.

මහින්ද රාජපක්ෂ කාලේ අදෝවාතයක් ගියත් නිවේදන නිකුත් කරන තානාපති කාර්යාල අද කෝ. මානව හිමිකම් සංවිධාන අද කෝ. වහාම පිකටින් කරන ජනතා විමුක්ති පෙරමුණ අද කෝ. මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ දැන් ක්‍රියාත්මක වෙන්නේ වීපීඑන් තාක්ෂණයෙන්. ඒ කියන්නේ බොඩි එක මෙහේ තිබුණට ඒ අය ලංකාවට ඇතුළු වෙලා තියෙන්නේ වෙන රටකින්. ජේවීපී එක දැන් වීපීඑන් වෙලා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon