ජගත් මානව හිමිකම් සමුළුව ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරලා

  👤  3316 readers have read this article !
By mawbima 2018-03-19

ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවත් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා ගෝලීය ශ්‍රී ලංකා සංසදය සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. රාජගිරියේදී පැවැති එම මාධ්‍ය හමුවේදී නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

''ගෝලීය ශ්‍රී ලංකා සංසදයත්, ජාතික සන්ධාන සම්මේලනයත්, යහපත් අනාගතයක් සඳහා වෘත්තිකයන්ගේ සන්ධානයත් එකතු කරගෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 37 වැනි සැසිවාරයට සමගාමීව එය සිදු කරනවා
බි්‍රතාන්‍යයේ රාජ නීතිඥ ජෙෆ්රි නයිස් මහතා ඇතුළු දෙස් - විදෙස් නීති විශාරදයන්ගේ උපදෙස් අනුව එම ක්‍රියාමාර්ග ආරම්භ කළා. එහි පෙත්සම්කරුවන් ලෙස ආචාර්ය සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරු කටයුතු කරනවා.

මේ පැමිණිල්ලට පදනම් වූයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2-7 වගන්තිය අනුව රටකට තිබෙන ස්වෛරීය අයිතියයි. ජිනීවා 30-1 යෝජනා මඟින් එම ස්වෛරීත්වය උල්ලංඝනය කර තිබෙනවා. ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ලංකාවට ජාත්‍යන්තර භූමිකාව තුළ තිබෙන අයිතිය උල්ලංඝනය කරමිනුයි ඒ චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 60-251 වගන්තිය අනුව රටකට එරෙහිව යම්කිසි යෝජනාවක් ගෙන එනවා නම් එය කළ යුතු ආකාරය සඳහන් වෙනවා. ඒක විශ්වීය විය යුතුයි. පක්‍ෂපාතී වෙන්න බැහැ. දේශපාලන අභිලාෂ ඉලක්ක කරගන්න බැහැ. හිතෙන හිතෙන රටකට එරෙහිව යෝජනා ගේන්නත් බැහැ. එත් ඒ මූලධර්ම උල්ලංඝනය කරලා තමයි 30-1 යෝජනා ගෙනාවේ. මෙහි ඛේදනීය බව තමයි විදේශ ඇමැති මංගල සමරවීර මේක අනුමත කොට සම අනුග්‍රහය දැක්වීම. ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට ඇතුළත් වීමට තීරණ ගන්න බලය තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාටයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු අනුමැතිය තිබිය යුතුයි. ඒ දෙකම නොගෙනයි මංගල සමරවීර 30-1 යෝජනාවට සම අනුග්‍රහය දක්වන්න එකඟ වුණේ. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වන අපි කාලයක් තිස්සේම මේ යෝජනා නීත්‍යනුකූල නැති බව පෙන්වා දුන්නා. ජාත්‍යන්තරය තුළ අනෙකුත් රටවල් අතර සාකච්ඡාවට ලක් නොකර, අපේ රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කරලයි 30-1 යෝජනා ගෙනාවේ.

30-1 යෝජනා ගෙනත් ජාත්‍යන්තර යුද අධිකරණයක් හදන්න රටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදන්න යෝජනා කරනවා. ස්වාධිපත්‍යය හිමි රටක් ගත යුතු තීරණ සම්බන්ධයෙන් බලපෑම් කිරීමයි අපි විරුද්ධ වෙන්නේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සැසිවාරයක් පාසා ජනාධිපතිත්, අගමැතිත් පාවාදීම් කරනවා. මෙවර 37 වැනි වාරය නිමිත්තෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත ගෙනාවා. පෙබරවාරි 10 ජනතාව කියපු දේට ඇහුම්කන් නොදෙන නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහින් නීතිමය අභියෝගයකුයි අපි කරන්නේ.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,

එම මානව හිමිකම් චෝදනා, මේ දිනවල මානව හිමිකම් චෝදනා ගැන යළි සාකච්ඡා වෙනවා. මේ ආණ්ඩුව චෝදනාවලට විරුද්ධව කටයුතු කරාවිද කියලා පිළිගන්න බෑ. ආණ්ඩුව කටයුතු නොකළත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ රට වෙනුවෙන් තනියෙන්ම මානව හිමිකම් සමුළුවේදී හඬ නඟනවා. ඒත් අපේ රටේ විපක්‍ෂයවත් මේ ප්‍රශ්නයට මැදිහත්වී කටයුතු කරන්නේ නෑ.
බෙංගමුවේ නාලක හිමි,

''උඩුගම් බලා යෑමක් වුවත් ගෝලීය සංසදය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උදෙසා හඬ නඟනවා.''
නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය,

''ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්ගේ ර්ණීධ්ඉඹ් වාර්තාව සම්මත කර ගැනීම නිසා අපේ රටේ පුරවැසියෝ අගතියට පත්වී සිටිනවා. රටකට විරුද්ධව තමන්ට හිතෙන හිතෙන පරිදි යෝජනා සම්මත කර ගැනීමට මානව හිමිකම් කවුන්සිලයටත් නොහැකියි. මේක අනෙකුත් රටවලටත් වැරැදි පූර්වාදර්ශයක් විය හැකියි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon