අමිර්තලිංගම්ගේ පිළිරුවක් සුලිපුරම්වලදී සම්පන්දන් අතින් විවෘත වෙයි

  👤  2972 readers have read this article !
By mawbima 2018-03-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ හිටපු නායක ඒ. අමිර්තලිංගම් මහතාගේ පිළිරුවක් යාපනයේ සුලිපුරම් ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අතින් ඊයේ (18දා) විවෘත විණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ ගැසට් කරන ලද නියෝජිතයන්ගේ දිවුරුම් දීමේ උළෙල අද (19දා) යාපනයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගි වීම පිණිස සම්පන්දන් මන්ත්‍රිවරයා යාපනයට පැමිණ සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්ද යාපනයේ සුලිපුරම් ප්‍රාදේශීය සභා ශාලාවේදී සම්පන්දන් මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon