යාපනයට කීර්තියක් ගෙනදුන් පාසල් ක්‍රීඩිකාවක් කලුරිය කරයි

  👤  3095 readers have read this article !
By mawbima 2018-03-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ ඉතාම ප්‍රසිද්ධ පාසල් ක්‍රීඩිකාවක වන ශිවනේෂන් ප්‍රියංකා හදිසියේම මිය යෑමත් සමඟම යාපනයේ ජනතාව දැඩි ලෙස කම්පාවට පත්ව සිටිති.
ඇය මියගොස් ඇත්තේ මොළයේ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 17 වැනිදාය.

යාපනයේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඇය මලල ක්‍රීඩාවලින් යාපනයට විශාල කීර්තියක් අත්කොට දුන් ක්‍රීඩිකාවකි.
දැල් පන්දු ක්‍රීඩාවටද ඉතාම දක්ෂතාවක් ඇති ඇය යාපනයේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව වූවාය.
ඇගේ අවසන් කටයුතු අද (19දා) සඳුදා යාපනයේ තෙලිප්පලෙයි ග්‍රාමයේදී සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon