මතුගම ඇඟලුම්හලක සේවක සේවිකාවන් 15ක් කෑම විස වී රෝහලේ

  👤  3188 readers have read this article !
By mawbima 2018-03-19

ප්‍රභාන් බුලත්සිංහල

මතුගම ඇඟලුම්හලක තාවකාලික සේවක සේවිකාවන් 15 දෙනකු පසුගිය 16දා රාත්‍රි ආහාර විස වීමක් හේතුවෙන් රෝගාතුර වී 17දා උදෑසන මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිරිසේ පිරිමි ළමයින් 7ක් හා ගැහැනු ළමයින් 8ක් සිටි අතර මින් බහුතරය පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි පිරිසකි. මොවුන් තාවකාලික පදනම මත අදාළ ආයතනයේ සේවයේ යෙදී සිටි අතර 16දා රාත්‍රි ආහාරය පිණිස ආයතනයෙන් ලබා දුන් ෆ්‍රයිඩ් රයිස් කෑමට ගැනීමෙන් පසු ශාරීරික අපහසුතා ඇතිව තිබේ. මෙම සේවයේ යෙදී සිටි කාන්තාවක් තම කෑම පාර්සලය තම පුත්‍රයාට ලබාදී ඇති අතර 12 හැවිරිදි මෙම දරුවාද රෝගාතුර වී ඇත.
මෙම ආයතනයට ආහාර සපයන මතුගම නගරයේ පෞද්ගලික ආපන ශාලාව සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කළ අතර ඒ වන විට අදාළ ආහාර සඳහා යොදාගත් සියල්ල ඉවත් කර තිබී ඇත. මෙම ආහාර විස වීම කෑම පාර්සලයේ තිබූ කුකුල් මස් හේතුවෙන් වන්නට ඇති බවට සැකකරන බව මතුගම පරිපාලන සෞඛ්‍යය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවැසීය.

මතුගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි වෛද්‍ය තමාලි කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල්, මතුගම සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ඩී. මධුශාන්, ඕවිටිගල සෞඛ්‍ය පරීක්ෂක එම්.ජී.එස්. ප්‍රභාන් යන මහත්වරු මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon