පිටරටකින් ආ පක්‍ෂියකු මැරුණාට විදේශිකයකු මරා දමලා යැයි පොලිසියට පණිවිඩයක් ඇවිත්

  👤  3430 readers have read this article !
By mawbima 2018-03-19

කොළඹ - එම්.සී. පෙරේරා

කිසියම් පිරිසක් විසින් විදේශිකයකු මරා දමා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවුඩයක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට විදේශීය පක්‍ෂියකු මැරී සිටින අයුරු දැක ගත හැකි වීමේ සිද්ධියක් බස්නාහිර පළාතේ කොළඹට නුදුරු පොලිසියකින් වාර්තා වේ.
ඉකුත් 16දා හදිසි ඇමැතුම් ඒකකයෙන් එම පොලිස් ස්ථානයට දුරකතන පණිවුඩයක් ලබා දෙමින් කිසියම් පිරිසක් විදේශිකයකු මරා දමා කිසියම් ස්ථානයකට ගෙනැවිත් දමා ඇති බව පවසා ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අදාළ ස්ථානාධිපතිවරයා එදින ජංගම සංචාරයේ නියුතු පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් වහා එම ස්ථානයට ගොස් ඔහු පැමිණෙන තෙක් ආරක්‍ෂාව සපයන ලෙස නියෝගයක් ලබාදී ඇත.

මඳ වේලාවකින් ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ නිලධාරීන් කිහිපදෙනකු සමඟ එම ස්ථානයට යෑම සඳහා සිය නිල ජීප් රථය අසලට පැමිණෙනවාත් සමඟම එදින දුරකතන ක්‍රියාකරු ලෙස රාජකාරි කරන කොස්තාපල්වරයකු ස්ථානාධිපතිවරයා අසලට දිව විත් ආචාර කර "සර් සර් වන් වන් නයින් එකට වැරදිලා සර් එයාලා නැවත දැනුම්දීමක් කළා. මැරිලා තියෙන්නේ විදේශිකයෙක් නෙවෙයි විදේශ පක්‍ෂියෙක් කියලා සර්."

එම පණිවුඩයත් සමඟම ආපසු නිල කාමරයට පැමිණි ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව එම අංශ භාර උසස් පොලිස් නිලධාරියාට පැමිණිලි කිරීමට කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon