විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹී දින 17කට පසුව ලබා දුන් සාකච්ඡාවත් අසාර්ථකයි වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගෙන යනවා

  👤  3137 readers have read this article !
By mawbima 2018-03-19

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළැඹ දින 17කට පසුව ඉකුත් 16 වැනිදා ලබාදුන් එකම සාකච්ඡාව අසාර්ථක වූ බව අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ එඩ්වඩ් මල්වත්ත මහතා මෙසේ කීය.

"16දා උදේ සාකච්ඡාවකට අපව කැඳවා තිබුණා මුදල් අමාත්‍යාංශයට. එයට සහභාගි වූයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් වූ දඩල්ලගේ මහතා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කම්කරු සබඳතා සහකාර ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් කම්කරු සබඳතා සහකාර ලේකම්වරුන්ගේ සංසදයෙන් තමයි මෙය කැඳවා තිබුණේ. මෙතැනදී ඒ අය අපෙන් ඉල්ලීමක් කරනවා වැඩට එන්න. ඊට පසුව අමාත්‍යතුමා, ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව එක්ව සාකච්ඡාවක් කරමු කියලා. අපි කොළඹ විශ්වවිද්‍යාලයේ 16දා පස්වරුවේ කමිටු සාකච්ඡාවක් පැවැත්වූවා. දින 17ක් ගියාට පසු සාකච්ඡාවකට කතා කරනවා. ඊට එකඟ විය හැකිද කියන ප්‍රශ්නය අපට තියෙනවා. අපගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා" යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon