දින තුනක් තිස්සේ බස් නැවතුම්පොළේ සිටි දරුවාට දඹුල්ල පොලිසියෙන් රැකවරණ

  👤  3343 readers have read this article !
By mawbima 2018-03-19

මවුපියන්ට එපා වූ දරුවකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොළේ සිටියදී දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන රැකවරණය ලබා දෙන ලදී.
දඹුල්ල බස් නැවතුම්පොළේ දින තුනක පමණ කාලයක සිට වයස අවුරුදු 12ත් 15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවකු තනිව සිටින බවට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික දුරකතනයට තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලිසිය වෙත රැගෙන එන්නට විය.
දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්‍ෂා කරගෙන ආහාර පාන එදින ලබාදී පොලිසිය පැමිණෙණ තුරු රැක බලාගෙන සිටීම තවත් විශේෂ කරුණකි.

දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පාසල් නොයවා සිටි මේ දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාසවලට සහ පන්සල්වලට මවුපියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය. එමෙන්ම දරුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා කළ විමසීමකදී කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවෙසින් පන්නා දමන බවය. අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටින පියාගෙන් බේරීම සඳහා තමන් නිවෙසින් පිටව ගිය බව සඳහන් කළේය.

මෙම පිරිමි දරුවා ඇඳ සිටි ඉරී ගිය ඇඳුම් කිහිපය ඉවත් කොට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් මෙම දරුවාට ඇඳුම් පැලඳුම් මිලදී ගෙන ලබාදීම විශේෂත්වයකි. දරුවා කියා සිටියේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බවයි. මෙම දරුවාගේ මවුපියන් පොලිසියට කැ¼දවා ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon