ප්‍රාග් ඓතිහාසික ජනපද අධ්‍යයනයට ඩිජිටල් සිතියමක් හදනවා

  👤  3217 readers have read this article !
By mawbima 2018-03-19

ගල්යුගයේ ජනපද හඳුනා ගැනීමට ප්‍රාග් ඓතිහාසික ජනපදවල ඩිජිටල් සිතියමක් ප්‍රාදේශීයව නිර්මාණය කරන බව කැලණිය සරසවියේ පුරාවිද්‍යාවය පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවැසීය.

මෙය මෙරට ප්‍රථම ප්‍රාග් ඓතිහාසික ඩිජිටල් සිතියම වනු ඇත.
ඒ මහතා ඒ අදහස් පළ කළේ එම සිතියමට අදාළ භූමිදර්ශන නිරීක්‍ෂණය කිරීම සඳහා සිය සිසු පිරිස සමඟ පෙරේදා (17දා) වැලිගෙපළ කන්දෙගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය.

පසුගිය වසර තුළ මහචාර්යවරයා විසින් වැලිගෙපළ පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාව තුළින් මීට වසර 4000ත් 6000ත් අතර කාලයකට එපිට නිර්මාණය කළා යැයි විශ්වාස කරන ප්‍රාග් ඓතිහාසික සිතියමක් සොයා ගන්නා ලදී. ඔහු එය වර්ග කිලෝමීටර් විසි පහක පමණ සීමාව තුළ තිබුණු ප්‍රාග් ඓතිහාසික ජනාවාස දැක්වෙන සිතියමක් යැයි අනුමාන කළේය. ඒ අනුව මේ වන විට වැලිගෙපළ කන්දේගම පනන්කන්ද රංවල කන්ද ආශි්‍රත ප්‍රදේශ හතළිහකට ආසන්න ප්‍රදේශයක් තුළ විසිරුණු ප්‍රාග් මානවයන් ගැවසුණු ස්ථාන 40ක් පමණ හඳුනාගෙන තිබේ. ඊට වැඩි සංඛ්‍යාවක් කලාපය තුළ විසිරී ඇති බවට රාජ් සෝමදේව මහතා විශ්වාස කරයි.

පසුගිය වසරේ අපිට පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් ප්‍රාග් ඓතිහාසික සිතියමක් හමුවුණා. ඒ අනුව අපි අනුමාන කළා මේ අයට දිශාවන් පිළිබඳව හැඟීමක් තිබිලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී මෙම ජනපදවල ජනතාව එක තැනකට ඇවිදින් සාකච්ඡා කර තියෙනවා. අපි මේ දිනවල පයින් ඇවිදල ස්ථාන නිරීක්‍ෂණය කරනවා. මේ කලාපයේ තිබෙන දේශගුණික මට්ටම අර්ධ ශුෂ්ක නිසා අතීත ජනතාව නිසැක වශයෙන්ම මේ පළාත්වල ජීවත්ව ඉඳලා තියෙනවා. රංවලකන්ද, බන්දුකන්ද, කන්දෙගම වැනි වැලිගෙපළ අවට ස්ථානවල අපි මෙවර නිරීක්‍ෂණය කරන්නේ ප්‍රථම වරට, ඩිජිටල් තාක්‍ෂණය උපයෝගි කරගෙන සිතියමක් නිර්මාණය කරන්න. ඒ තුළින් අපි මතු කළ ප්‍රාග් ඓතිහාසික ජනපද සංකල්පය කියන කාරණාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න අධ්‍යයනය කරන්න පහසු වෙනවා. මේ වසර අවසන් වීමට ප්‍රථමව මේ කටයුතු අහවර කිරීමට අප බලාපොරොත්තු වෙනවා යැයි රාජ් සෝමදේව මහතා පැවැසීය.

වැලිගෙපළ - මැණිකේ කොලොම්ඹුගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon