වකුගඩු රෝගයෙන් විඳවන මවුපියන්ගෙ හීන හැබෑ කරවන කැලෑව අද්දර ඉස්කෝලෙ ඇත්තු වගේ පුත්තු
සිරිපුර -
වාසනා ගලප්පත්ති
මාතලේ කෙළවර වස්ගමුව කැලෑව. වස්ගමුව කැලෑවට මායිම් වූ පුංචි ගම්මානයක් ඇත්තේය. මිනිපේ ඇළ කෙළවර වන්නේ මෙතැනින්ය. ගමේ නම හඳුන්ගමුවය. මේ පළාතේ ලොකුම නගරය මාතලේය. හඳුන්ගමුවේ ගම්මුන්ට මාතලේට කිලෝමීටර සීයක් පමණ දුරය. ලෙඩක් දුකක් හැදුණොත් බේතක් ගන්නට මහියංගණ රෝහලට පැමිණිය යුතුය. ගමේ සිට දුර කිලෝමීටර පනහකි. මහවැලි ගඟේ වැලි ගොඩ දමමින්, යන්තමින් ගොවිතැනක් කරමින් ජීවිතේ ගැටගසා ගන්නා මේ ගැමියන්ගේ දරු පැටව් සමහරක් මාතලේ නගරයටවත් ඇවිත් නැත.
ඒ දරු පැටව් නුවර පැමිණ සිටියහ. ඒ 2017 අවුරුද්දේ ප්‍රාථමික ළමා ක්‍රීඩා උළෙලටය. උත්සවය පැවැත්වුණේ 2018 මාර්තු මාසයේ 3 හා 4 දිනවලය. නුවර බෝගම්බර ක්‍රීඩාංගණයේය. සමහර දරු පැටව් ඒ ජීවිතයේ පළමු වතාවට නුවර ඇවිත්ය.
ක්‍රීඩා උළෙල පැවැත්වෙමිනි. රටේ දන්නා සෑම සුපිරි ඉස්කෝලයකම පැටව් තරග වදිමින්ය. ඔවුන්ගේ අම්මලා තාත්තලා ඉංගී්රසියෙන්ද සිංහලෙන් දරු පැටව් දිරිගන්වමින්ය. උදේයාගකාරි පැටව් ටිකක් එක දිගට තරගයේ යෙදෙමිනි. ඔවුන් දිරිගන්වන්නේ ඔවුන් මේ තරගයට ගෙනා පාසලේ ගුරු භවතුන්ය. විෂය භාර ආචාර්යවරයාය.
"මොකක්ද මේ ඉස්කෝලෙ" ළඟින් ඉන්නා අය එකිනෙකා විමසති.
"හඳුන්ගමුව ප්‍රාථමික විද්‍යාලය කියන්නේ" එක් අයෙක් පිළිතුරු දෙයි.
"හඳුන්ගමුව... ඒ කොහෙද..? ඇහුවෙත් අද"
"ඒ ගම තියෙන්නෙ වස්ගමුව කැලෑව මායිමේ"
"ඉතින් ඒ දරුවො ප්ලේ කරනවා බලන්න පේරන්ට්ස්ලා නැත්තෙ ඇයි. බලන්නකො හරිම දක්ෂ පොඩි උන් ටිකක්" කතාව දිගටම ඇදෙයි.
"දුප්පත් ගමක්. මේ දරුවන්ගේ මවුපියන්ගෙන් බාගයක් වකුගඩු ලෙඩේ. ඉතින් කොහෙ එන්නද?" ඒ වග ඇසූ අයෙක් මුහුණේ අත තබාගෙනය. තවත් කාන්තාවකගේ ඇස් කඳුළින් තෙත් වෙලාය. කවුරුත් පොඩි උන් දෙස බලාගෙනය.
සමස්ත ලංකා මට්ටමින් පැවැත්වෙන කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය සංවිධානය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ය. තරග ඉසව් තුනකි. ඒ ඉසව් යටතේ ප්‍රාථමික අංශයේ තුන්වැනි ශේ්‍රණියේ සිට පස්වැනි ශේ්‍රණිය දක්වා දරුවන්ට තරග පැවැත්වේ. තුන්වැනි ශේ්‍රණියේ දරුවන්ට තරග පහකි. හතරවැනි ශේ්‍රණියේ දරුවන්ට තරග හතකි.
පස්වන ශේ්‍රණියේ දරුවන්ට තරග දහයකි. මේ සෑම ඉසව්වකටම ඉදිරිපත් වන කණ්ඩායමකටම තරගකරුවන් දහදෙනකු බැගින් ඇතුළත්ය. අමතරව අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුත් සහභාගි වේ. දණහිස මත විසි කිරීම්, බාධක දිවීම්, කතිරපැනීම් වැනි ක්‍රියාකාරකම් ගණනාවක් සිදුකර කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කරන දරු පැටව් ශූරතාවට හිමිකම් කියති.
තුන්වැනි ශේ්‍රණියේ බාලිකා අංශයේ කෙළි පැටවුන්ගේ තරගය පැවැත්වෙමිනි. තරගය උණුසුම්ය. අවසානයේ තුන්වැනි ශේ්රණියට අදාළ සමස්ත ලංකා බාලිකා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව හිමි කරගන්නේ විල්ගමුව කනිෂ්ඨ විද්‍යාලයය. දරු පැටව් පුදුමාකාර සතුටකින් ඒ ජයග්‍රහණය විඳිමින් සිටිති. ඒ ජයග්‍රහණය තෙක් මේ පැටව් රැගෙන එන්නේ විල්ගමුව අධ්‍යාපන කලාපය තුළ ප්‍රාථමික ක්‍රීඩා විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන විල්ගමුව විජය ප්‍රාථමික විද්‍යාලයේ සුරංග බණ්ඩාරනායකය. ඔහු කලාතුරකින් හමුවන ගුරු ගීතයේ දුෂෙයින් වැනි ගුරුවරයෙකි. දරාගත නොහැකි පී‍්‍රතියෙන් තෙත් වූ දෙනෙත් සහිතව හඳුන්ගමුව පාසලේ ගුරුවරුන් මේ කෙළි පැටව් බදාගෙනය. දරු පැටව් ලබාගත් ජයග්‍රහණය ගැන හඳුන්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය එම්.ආර්. චන්දන බණ්ඩාර සමරසිංහට කියන්නට ඇති කතාව ඇසිය යුතු තරමේ එකකි. "අපි 2017 වර්ෂයේ කලාප ක්‍රීඩා සඳහා 3,4,5 ශේ්රණිවලින් බාලක, බාලිකා ලෙස කණ්ඩායම් 06ක් ඉදිරිපත් කළා. 2017 වර්ෂයේ අපි විල්ගමුව කලාපයේ ශූරතාව දිනාගත්තා. දිස්ත්‍රික්ක තරගවලට ඉදිරිපත්වෙලා මාතලේ දිස්ත්‍රික් ශූරයෝ වුණා.
පළාත් තරගයට කණ්ඩායම් පහක් ඉදිරිපත් කරලා සමස්ත ලංකා තරග සඳහා කණ්ඩායම් පහම සුදුසුකම් ලබා ගත්තා. අපේ කණ්ඩායම්වලින් තුන්වැනි ශේ්‍රණියේ බාලිකා කණ්ඩායම සමස්ත ලංකා රන් පදක්කම දිනා ගත්තා. හතරවැනි ශේ්‍රණියේ බාලක බාලිකා කණ්ඩායම් දෙක රන් සහතික දිනා ගත්තා."
පස්වැනි ශේ්‍රණියේ කණ්ඩායම් දෙකට අදාළ තරග තව දෙසතියකින් පැවැත්වීමට නියමිතය. නියමිත ක්‍රීඩා උපකරණයක්වත් නැතිව පස්වැනි ශේ්‍රණියේ දරු පැටව් සමස්ත ලංකා රන් පදක්කම සඳහා සූදානම් වෙමින්ය. ඔවුන්ගේ අධිෂ්ඨානය පුදුමාකාරය.
ඩී.එම්. අබේරත්න හඳුන්ගමුවේ ගැමියෙකි. ඔහුත් කතාවට එක්වන්නේය. "මගෙ දරුවත් මේ දිනපු කණ්ඩායමේ උන්නා. අපිට කරකැවී විසිකිරීමේ ඉසව්වට බෝලයක් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි ලෙලිපොල් ගෙඩියක් රෙදි කැබැල්ලක බැඳලා බෝලයක් හදා ගත්තා. බාධක දිවීමට පී.වී.සී. බට යොදාගෙන අවශ්‍ය උපකරණ හදා ගත්තා. කලාප ශූරයො වුණාට පස්සේ අපිට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පුහුණු උපකරණ කිහිපයක් ලබාදුන්නා."
මේ දරුපැටවුන්ට සමස්ත ලංකා ශූරතාව දිනාගන්නට එම උපකරණ කිහිපය ප්‍රමාණයත් වී ඇත.
උතුරුමැද සහ නැඟෙනහිර පළාත් මළ ගෙයක් කරමින් පැතිර යන වකුගඩු රෝගය මධ්‍යම පළාතේ නැඟෙනහිර බෑවුමේ ජනජීවිතද බිලිගනිමිනි. හඳුන්ගමුව ගමත් විසාලාවක් වෙන්න ආසන්නය. ඒ ගැන කතා කරන්නේ හඳුන්ගමුව, විහාරගම, පදිංචි ටී.එම්. මධු තෙන්නකෝන්ය. "අපේ ඉස්කෝලෙ දරුවන්ගෙන් සියයට අසූවක පමණ අයගේ පවුලේ එක් අයෙක් හරි වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා. මෙම ක්‍රීඩා ශූරයන් පුහුණු කළ චන්දන ගුරුතුමාගේ අම්මාත් අද වකුගඩු රෝගයට ගොදුරු වෙලා." ඒ බිහිසුණු රෝගයේ අනාගත ගොදුර මේ දරු පැටවුන්ය. එවැනි ජීවිත අවදානමකට ලක්වන මේ දරුවන් ගැන අනාගත වැඩපිළිවෙළක් රටට නැත. ඒ අවදානම එනතුරු මේ දරුවන් ජීවිතය දිනාගන්නට තරග බිමේය.
හඳුන්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න කුමාරය. "අපට මෙතෙන්ට එන්න කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී.වී.එස්.එස්. පනන්වල, ගුරු උපදේශක අසංක කුමාර ඇතුළු විශාල පිරිසක් උදවු කළා. තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් නම් ලෝකය දිනන එක අමුතු දෙයක් නෙවෙයි. මේ පොළොවේ උපදින දරුවො හරිම දක්ෂයි" ඔහු කියන්නේය. මේ පොළොවේ උපදින දරු පැටව් අප්‍රමාණ දක්ෂතා සහිතය. මහව අධ්‍යාපන කලාපයේ ඒරියාව ඇතුළු කනිටු විදුහල්වලට ගිය දුගී දරු පැටව් ලංකාවේ ඉහළම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අත්කර ගන්නේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ හැකි ක්‍රමවේදය සහිත ගුරුවරු නිසාය. හඳුන්ගමුවේදීත් මතුවන්නේ ඒ සම්පතේ ආනුභාවයය. නකල්ස් කඳු පාමුල මහවැලි ගංදෑලේ හුදෙකලා පාසලක් ලෙස තිබූ හඳුන්ගමුව ප්‍රාථමික පාසල අද ජාතික තලයේ කීර්තියක් අත්කරගෙන ඇත. එය ඉදිරියටත් සංවර්ධනය කරගැනීමට මෙම දරුවන්ට උපකාර කිරීමට සිතක් පහළවන්නේ නම් ඒ රටේ වාසනාවය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මලල ක්‍රීඩකයන්ගේ ගමනට අයි.පී. හරස් කපයි තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට මුදල් දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි 🕔2018-04-25
- අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල’ තරගයක් දිනුවත් ශූරතාව ගාල්ලට 🕔2018-04-25
- 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දෙවැනි දිනයේත් නව තරග වාර්තා 10ක් 🕔2018-04-25
- පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ජනපති වෙතින් පිදුම් ලබයි 🕔2018-04-25
- කිංස් ඔධ් පෙරමුණ ගනී 🕔2018-04-25
- ‘මැදි මහ සටන’ හෙට දඹුල්ලේදී 🕔2018-04-25
- රනිල් ආණ්ඩුවේ බලය වැඩි කරගන්න ජවිපෙ ඉත්තෙක් කරගෙන 🕔2018-04-25
- ජනතාව නොමරා මරන පාලකයන් ඉන්නකොට මන්දපෝෂණයෙන් රට දෙකට එන එක පුදුමයක්ද 🕔2018-04-25
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව පිටුපස ඇත්තේ පටු අරමුණු තුනක් 🕔2018-04-25
- වෛද්‍ය ආඥාපනත හා විශ්වවිද්‍යාල පනත බරපතළ ලෙස හෑල්ලුවට පත්වනවා 🕔2018-04-25
- අකුණු වැදී මාකඳුරේ නිවෙසක් ගින්නෙන් විනාශ වෙලා 🕔2018-04-25
- මීමැස්මොරය හැදුණු අයකු මුහුදට වැටී නසී 🕔2018-04-25
- මාස 16ට උතුරේ වල් අලි 11ක් මරලා උතුරේ පශු වෛද්‍ය නිලධාරි හෙළි කරයි 🕔2018-04-25
- කඩුගන්නාව ගල් උමඟ හරහා වාහන ධාවනය හා ජනතාවට ගමන් කිරීම අත්හිටුවයි 🕔2018-04-25
- බොරු නඩු කීපයකට රිමාන්ඩ් කළ තරුණයෙක් අනුරාධපුර ඒ.ඉ.ර්ථී ට හා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා 🕔2018-04-25
- උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින් ඉහළට ආදායම සියයට 74%ක් නඟියි 🕔2018-04-25
- ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නවා 🕔2018-04-25
- නැන්දම්මාට පහරදී ඝාතනය කළ බෑනා නිවෙසේ බාල්කයේ එල්ලී දිවි නසාගෙන 🕔2018-04-25
- බදු බරින් මිරිකෙන ලේඛක ලේඛිකාවනට අපේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න වෙනවා 🕔2018-04-25
- ජනාධිපතිවරණයට ගෝඨාභය එනවාට මෛත්‍රි-රනිල්-අනුර වගේම ඒකාබද්ධයේ කොටසකුත් විරුද්ධයි 🕔2018-04-25
- අපි බලයට ගෙනාපු ආණ්ඩුව අද අපිත් එක්ක කතා කරන්නේ නෑ 🕔2018-04-25
- ආණ්ඩුව හදන්නේ බෞද්ධයන්ව පන්සලෙන් අෑත් කරවන්නයි 🕔2018-04-25
- බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවන හිමිවරුන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා 🕔2018-04-25
- ජවිපෙ දැන් සෙල්ලම් කරන්නේ කොළේ වහලා 🕔2018-04-25
- අනාගතයේ බිහිවන මහින්දගේ ආණ්ඩුවක් යටතේ කෘෂි නිෂ්පාදන සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට සාකච්ඡා කරගෙන යනවා 🕔2018-04-25
- වෙසක් සමයේ සුරා අපරාධ වැළැක්වීමට විශේෂ වැඩසටහනක් 🕔2018-04-25
- පාරිභෝගිකයන් මුළා කරන රන් බඩු වෙළෙඳපළට එන ප්‍රවණතාවක් ප්‍රමිතිගත රන් බඩු මිලට ගැනීමට සුපරික්ෂාකාරිවන්න 🕔2018-04-25
- උද්ඝෝෂණයෙන් පසු පා ගමනට පොලිසියෙන් මාර්ග බාධක 🕔2018-04-25
- පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණයි 🕔2018-04-25
- වැලිකඩ බන්ධනාගාරයේදී 27ක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පොලිස් පරීක්ෂක රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- කතරගම ව්‍යාපාරිකයාගේ මරණයට සැක පස් දෙනාට ශරීර ඇප 🕔2018-04-25
- ඉඩම් ආරවුලකට බහින්බස් වී අයියා දුන් උදලු පහරින් නංගී මරුට 🕔2018-04-25
- පස්දෙනකුට මරු කැඳවූ රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවයි 🕔2018-04-25
- ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුවට යෑමට ආ තරුණයා කටුනායකදී අත්අඩංගුවට 🕔2018-04-25
- පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගට එරෙහි ඉඩම් නඩුව ඉල්ලා අස් කරගනී 🕔2018-04-25
- නිදි ඇඳේදී මවට යටවී දින 25 බිලි¼දා මියගිහින් 🕔2018-04-25
- හෙද දියණිය ඝාතනය කළ බෑනා මරා ගල් වළකට දැමීමේ සිද්ධිය හෙදියගේ මවත් අනියම් සැමියාත් මැයි 2 දක්වා යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- යාල වනෝද්‍යානයේ ඇතකු මරා ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනා දැලේ 🕔2018-04-25
- වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු එස්. එෆ්. ලොක්කා යළි රිමාන්ඩ් 🕔2018-04-25
- සිංහලයා ගුණාත්මක අවදානමකට මුහුණ පාලා 🕔2018-04-25
- ලංගම බස් රියැදුරකු අමානුෂික වැඩක් කරලා 🕔2018-04-25
- ශ්‍රී ලනිපයේ 26ම ඉවත් වුණත් ආණ්ඩුව වැටෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් 🕔2018-04-25
- පිටරට වෙසක් කූඩු හා බකට් නිසා දේශීය නිෂ්පාදන අභාවයට ගිහින් 🕔2018-04-25
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවයක් ඉල්ලා වෘත්තීය අරගලයක් අරඹන ලකුණු 🕔2018-04-25
- ජාතික අත්පිටපත් සම්මාන සඳහා පිටපත් බාර ගැනේ 🕔2018-04-25
- සහල් - පොල් - එළවළු තොග මිල පහළට යද්දී සිල්ලර මිල අහස උසට 🕔2018-04-25
- කර්මාන්තශාලාවල පරිසර සහතික ගැන සොයන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි 🕔2018-04-25
- බිලිඳා මරා ගෙල වැල ලා ගත් මවගේ ශෝකාන්තය ‘අම්මා මිය ගිය පසු අක්කා සිටියේ දැඩි සිත් තැවුලෙන්’ 🕔2018-04-25
- මැලේරියාව නැවත ඇතිවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පවසයි 🕔2018-04-25
- අප්‍රේල්වලට වෙසක් දිනය යොදා ගැනීම උචිත නොවේ 🕔2018-04-25
- අවුරුදු 35ට වැඩි උපාධිධාරීන් රාජ්‍ය සේවයට ගන්න ක්‍රමවත් වැඩසටහනක් ඇමැති හර්ෂ 🕔2018-04-25
- වෙසක් දන්සල්වලට තහනම් පොලිතින් භාවිත කරන්න එපා 🕔2018-04-25
- ගුරු මාරුවලට එරෙහිව පිකටින් කිරීමට සැරසුණු කොළඹ ගුරුවරුන්ට වැඩ වරදී විනය ක්‍රියාමාර්ග ගැනීමට ඇමැති සැරසෙයි 🕔2018-04-25
- යහපාලන හවුල් දීගයෙන් ශ්‍රී ලනිපය ඉවත් වෙනවා නම් හොඳයි පාලිත රංගේ බණ්ඩාර 🕔2018-04-25
- පෝර්ට් සිටි හැදීමට මීගමු මුහුදෙන් වැලි පොම්ප කරනවාට එරෙහිව කුඩාමඩුවැල්ලේ විරෝධතා 🕔2018-04-25
- උත්සව සමයේ ධීවර සංස්ථාව මාළු කිලෝග්‍රෑම් 135,892ක් විකුණලා ධීවර අමාත්‍යාංශය කියයි 🕔2018-04-25
- පළාත් සභා 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර මැ.කො. සභාපති 🕔2018-04-25
- ගතවූ මාස 4ට මිනීමැරුම් කොල්ලකෑම් 52ක් 🕔2018-04-25
- DIG තනතුරට 5ක් උසස් කිරීමට දුන් තීරණයේ වෙනසක් නෑ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති 🕔2018-04-25
- කොන්ද පණ තියෙන කෙනෙක් මීළඟ ජනපතිකමට ගේනවා 🕔2018-04-25
- එජාප ප්‍රතිසංවිධානයට තීරණයක් ගන්න බැරිව දේශපාලන මණ්ඩලය සිවුවැනි වතාවටත් අද රැස්වෙයි 🕔2018-04-25
- ජනතාවට වගකියන කැබිනට් මණ්ඩලයක් පත් කරනවා ජනපති 🕔2018-04-25
- තවත් වාර්තාවක් ඇමෙරිකානු ඩොලරය නහුතෙට නඟී 🕔2018-04-25
- යාපනයේ විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත් වී රැකියාවක්... 🕔2018-04-25
- පර්පචුවල් හරහා බැඳුම්කර ගත් අයට හුළං 🕔2018-04-25