රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ අපි කවදාවත් දේශපාලනය කරන්නෙ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ
අනුරාධා හේරත්
ආරංචියක් තියෙනවා ඔබ එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වෙන්න යනවා කියලා?
මොන පිස්සුද? මම දැන් ශ්‍රීල.නි.ප.යට ඇවිල්ලා අවුරුදු 12කට කිට්ටු වෙනවා. 2006 ජනවාරි 25 තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට එකතු වෙලා කැබිනට් ඇමැතිකමක් දෙවැනි වරට ලබාගෙන ආපු ගමනට අවුරුදු 12යි. මම ශ්‍රීල.නි.ප. පාක්ෂිකයෙක්. ඩබල් ගේම් නෑ මං ළඟ. 2006 මම ආණ්ඩුවට එක් වෙන්න කලින් මුලින්ම මුණගැහුණෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔහු එතකොට විපක්ෂ නායක. එතුමට කියලයි ගියේ. වර්තමානයේ ශ්‍රීල.නි.ප.යට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ නායකත්වය ගැන මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමත් එක්ක දිගටම මං දේශපාලනය කරනවා.
ආණ්ඩුව මොකක් වුණත් ඒ ඕනෑ ආණ්ඩුවක ප්‍රබල ඇමැතිකමක් ලබන්න තරම් ඔබ වාසනාවන්තයි නේද?
ඒක වාසනාවද හැකියාවද පිළිගැනීමක්ද කියන එක මං දන්නෙ නෑ. කොහොම වුණත් 2006 ඇත්තටම මට මේසයක් පුටුවක් තිබුණෙ නෑ වාඩි වෙන්න. ඒ ඇමැතිකමට දිවුරුම් දීලා මට යන්න තැනක් තිබුණෙ නෑ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එදා මට රත්නසිරි වික්‍රමනායක මහතා පරිත්‍යාග කළා. මොකද සුනාමියෙන් පසු පාර්ලිමේන්තුවේ පත් කළ තේරීම් කාරක සභාවේ සභාපතිකම මට තමයි දුන්නේ. මම එතකොට හිටියේ විපක්ෂයෙ. ඒකත් එක්ක ලබපු අත්දැකීම් එක්ක ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දුන්නා. ඒකටත් ඇමිණුවා මානව හිමිකම් එකත්. මට පාර්ලිමේන්තුවේ කිසි කෙනකුට නැති අත්දැකීම් තියෙනවා. මානව හිමිකම් පිළිබඳ ජනපති උපදේශක විදියට පවා හිටියා. කවුරුත් දන්නෙ නැති දෙයක් මං කියන්නම්. යුද්ධ කාලෙ පත් කළ මානුෂීය ආධාර ලබාදීමේ උපදේශක කොමිටියේ සභාපති හැටියට පත් කළේ මාව. හැම මාසයක් පාසා ඒ අවදානම් කාලේ මම ආරක්ෂක අමාත්‍යාංශයට යනවා. අවුරුදු 2ක් යුද්දෙන් පස්සේ චෝදනා එල්ල කළාට අපි නිවැරැදිව කටයුතු කළ බව කවුරුත් දන්නවා. වරායට ඇවිත් මම 2017 විතරක් රුපියල් මිලියන 13,300ක් ලාභ ලැබුවා. ලොකුම ලාභය. වරායවල් සියල්ල සංවර්ධනය කරන්න මූල්‍ය හයියක් තියෙනවා.
ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵලත් එක්ක පේනවා නේද ශ්‍රීල.නි.ප. බෝඩ් එක ඔබලා ළඟ තිබුණත් පාක්ෂිකයා ඔබලාගෙන් ඉවත් වෙලා කියලා?
මම නම් දකින්නෙ මෙතැන ඒ වගේ දෙයක් නෙමේ වුණේ. සමස්තයක් හැටියට රජයට විරෝධී ඡන්දයක් පාවිච්චි වුණේ. සමස්තයක් ඉන්නෙ ආණ්ඩුවත් එක්ක කියන එක ප්‍රතිශතයෙන් පේනවනෙ. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන්න පොහොට්ටුවට 44%යි. ශ්‍රී.ලනි.ප.යි, එ.ජා.ප.යි, සන්ධානයයි අතර ඡන්ද 45%ක් තියෙනවා.2015 ජනවාරි එකතු වූ පිරිස ජ.විෙ.ප. හැර 55%ක් තිබුණා.
හැබැයි ශ්‍රීල.නි.ප.ය වෙන් කරලා ගත්තොත් බරපතළ කඩා වැටීමක්නෙ පෙන්නුම් කරන්නෙ?
ශ්‍රීල.නි.ප.ය බෙදිලනෙ තියෙන්නේ. ඒක ගැන කවුරුත් තර්ක කළේ නෑනේ. කොටසක් ගිහින් විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා. ආණ්ඩු විරෝධීව ඒගොල්ලො කතා කරනවා. හැසිරෙනවා. තව කොටසක් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. එතන මැජික් එකක් නෑ. ඔක්කොම දන්නවා අපි බෙදිලා කියලා. නමුත් බහුතරය කාටවත් ලැබුණෙ නෑ කියලා දන්නවා.
ශ්‍රීල.නි.ප.යේ ප්‍රතිපත්තිය රාජ්‍ය දේපළ විකුණන්නෙ නෑ කියන එක. නමුත් හම්බන්තොට වරාය ගිවිසුමට අස්සන් තබන්නේ පක්ෂ උප ලේකම් වන ඔබ. ඇමැති අර්ජුන රණතුංග ඉවත් කර ඔබ වරාය ඇමැති කරන්නේ විකිණීමට වඩා සුදුසු ඇමැති ඔබ කියලද?
විකිණුවෙ නෑනෙ. කොහොමද විකුණුවේ.
වසර 99කට බදු දෙනවා කියන්නේ විකිණීමට සමානව යන දෙයක් නෙමේද?
දැන් බලන්නකෝ කොළඹ වරාය සී.අයි.සී. පර්යන්තය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ අවුරුදු 35කට බදු දුන්නෙ. හම්බන්තොට වරාය බදු දුන්නෙ චයිනා මර්චන්ට් සමාගමටයි. එතුමා 2013 ඒ ගිවිසුම අස්සන් කළේ. ඊළඟට හම්බන්තොට බදු දෙන්න එතුමා ටෙන්ඩර් කැඳෙව්වා. කැඳවලා දෙන්න ඔන්න මෙන්න තියෙද්දි ආණ්ඩුව වෙනස් වුණේ. බදු දීම ශ්‍රීල.නි.ප ප්‍රතිපත්තියට පටහැනියි කියන්න බෑ. ආර්ථික ක්රමවේදයත් එක්ක ඒක ආවේ. අපි විකුණන්නෙ නෑ. බලන්න ෂැංගි‍්‍රලා හෝටලයට දුන්නු ඉඩම සින්නක්කරයටනේ දුන්නේ. පෝට්සිටි ව්‍යාපෘතියට ඉඩම දුන්නෙ සින්නක්කරයට. ඒක අපි නිවැරැදි කළා. එහෙම තර්ක කරන්න බෑ.
හම්බන්තොට වරායට වුණ ඉරණමම ත්‍රිකුණාමලය වරායටත් අත් කරන්න සූදානමක් තිබෙනවා කියනවා?
ත්‍රිකුණාමලය වරාය ගැන අපි හිතලාවත් නෑ. මේ දවස්වල සිංගප්පූරුවේ සමාගමක් මාස්ටර් ප්ලෑන් එකක් හදනවා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට. ඒකට වරායත් ඇතුළු වෙනවා. එහි අක්කර 5,000ක් විතර ඉඩම් තියෙනවා. මේවා ව්‍යාපෘතිවලට දීලා රැකියා අවස්ථා උත්පාදනය කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි තීරණයක් අරන් තියෙනවා. ඒවා ආයෝජකයෝ ගෙන්නලා මෙහෙ කර්මාන්තශාලා ඉදි කරලා රැකියා අවස්ථා දෙන ව්‍යාපෘති. මං එකක් බොහොම පැහැදිලිව කියන්නම්. මෛත්‍රිපාල ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිය ඉතාමත්ම පැහැදිලියි. එක බිම් අඟලක්වත් විකුණන්නෙ නෑ කියලා එතුමා ඉන්නේ. හැබැයි කවුරු හරි ආයෝජනයක් ගේනවා නම් ඒ ගැන සාකච්ඡා කරලා බලනවා.
ඔබේ වරාය අධිකාරිය යටතේ පවතින ත්‍රිකුණාමලය ඉඩම් හෙක්ටයාර දෙදහසකට අධික ප්‍රමාණයකට බලපත්‍ර නොදීම හේතුවෙන් පදිංචිකරුවන් දැඩි ගැටලුවකට මුහුණදී තිබෙනවා?
ඒවා දිසාපතිතුමා මැදිහත්ව කළ යුතු දේවල්. අපේ ඉඩම් අපි හරියට හඳුනාගෙන ඒ අවශ්‍ය බලපත්‍ර සියල්ලක්ම ලබාගෙන තියෙන්නෙ. ඒවට ඇවිත් අනවසරෙන් කවුරු හරි පදිංචි වෙනවා නම් ඒ අය ඉවත් කරන්නත් අපි නීත්‍යනුකූලව කටයුතු කරලා තියෙනවා. අපේ ඉඩම්වලට ඇවිත් කවුරුත් අභියෝග කරලා නෑ. හැබැයි මෑතකදී කට්ටියක් ඇවිත් පදිංචි වෙන්න හැදුවා. අපි නීත්‍යනුකූලව මැදිහත් වෙලා ඒ අයට නඩු පවරන්න කටයුතු කළා.
නීතිමය ක්‍රියාමාර්ග පැත්තකින් තිබ්බොත් ඒ පදිංචිකරුවන්ට යම් විසඳුමක් තිබිය යුතුයිනේ. මොකක්ද ඔබේ වැඩපිළිවෙළ?
ඒවා ගම් පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ විය යුතුයි. මං කිව්වේ දිසාපතිතුමා ඉඩම් නැති අයට ඉඩම් දිය යුතුයි. ඕනෑ තරම් ඉඩම් තියෙනවා. හැබැයි වාණිජ වටිනාකම් තියෙන ඉඩම් දෙන්න බෑනේ. ඒවා අපි වරායත් එක්ක සම්බන්ධ කරගෙන රැකියා බිහි කිරීමේ කර්මාන්තශාලා ආරම්භ කරනවා. ඉඩම් නැති අය ගැන හොයලා ඒ අයට විසඳුම් දෙන්න අපි කටයුතු කරන්න ඕනෑ.
තිබුණ ආර්ථික කමිටුව වෙනුවට ආර්ථික සභාවක් පිහිටුවන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මෙයින් පෙන්නුම් කරන්නෙ අගමැති හා ජනපති අතර ගැටුමේ ප්‍රතිඵලයක්ද?
එතන ගැටුමක් නෙමේ ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමා ඔය කැබිනට් පත්‍රිකාව දානකොට බොහොම පැහැදිලිව කිව්වා ජාතික ආර්ථික සභාව රැස් වෙද්දී අගමැතිත් එතන වාඩි වෙනවා. එතුමා කිව්වේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අපි එකට වාඩිවෙලා සාකච්ඡා කරමු කියලා. එතැනදි කිව්වේ කෙළින්ම කැබිනට් පත්‍රිකා යවන ක්‍රමයක් හොඳයි කියලා. එතුමා කිව්වේ අවශ්‍ය නම් ඒ කැබිනට් පත්‍රිකා තවදුරටත් අධ්‍යයනය කරන්න කියලා. වෙනම ආර්ථික සභාවක් තියෙනකොට ස්ථිර ආර්ථික කමිටුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ පත්‍රිකා ටික අපි කැබිනට් එකට ගෙනත් සාකච්ඡා කරලා සාමූහිකව තීරණයක් ගමු කියන එක තමයි එතුමා පෙන්නුම් කළේ. ඒ පත්‍රිකාව ගිය සතියේ ආවා. හැබැයි අගමැතිතුමා තව සති 2ක් ඉල්ලුවා එතුමාට නිරීක්ෂණය කරන්න.
එහෙම නැතිව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියේ ගැටලුවක් හින්දා නෙමේ?
අපි සම්මුතිවාදී ආණ්ඩුවක්නෙ. එතකොට එහෙම ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ සාමූහිකව. 2018 අය වැය පිළියෙල කරනකොට එ.ජා.ප.යේ අය අපි සමඟ කතා කළේ නෑ. අපේ වැදගත් අදහස් ඉදිරිපත් කරන්න ඉඩප්‍රස්තාව අපට ලැබුණේ නෑ.
උදාහරණයක් විදියට අපේ අමාත්‍යාංශයට අදාළ යෝජනා 2, 3ක් ගෙනාවා. ඒක බජට් එක කියවනකොට තමයි මං දන්නේ ඒ වගේ යෝජනා ඉදිරිපත් වෙනවා කියලා ඇයවැය කතාවේ. ඉතින් එහෙම කරන්න බෑ. අපි දෙගොල්ලගෙම න්‍යායන් බලන්න ඕනෑ. අපේ ප්‍රතිපත්ති අපට පාවා දෙන්න බෑ. ඒවා පැත්තකට කරන්න ඉඩ දෙන්නත් බෑ.
අමාත්‍යාංශ සංශෝධනයේදී ශ්‍රී ලනිප පාර්ශ්වයෙනුත් සංශෝධන කළයුතු බව කිව්වා?
මං දන්නෙ නෑ ඒක ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕනෑ. (සිනා)
නමුත් ඔබ කැබිනට් අමාත්‍යවරයෙක්. ඒ ගැන සාකච්ඡා නොකර ඉන්න විදියක් නෑ?
නෑ... නෑ.... ඒවා ඇත්ත වශයෙන්ම අපි එක්ක කතා කරන්නේ නෑ.
නමුත් ඔබේ පක්ෂයේ ප්‍රබලයෙක්ම කිව්වා කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ දෙක පමණයි සංශෝධනය විය යුත්තෙ කියලා?
මං දන්නෙ නෑ. අපි ඒ ගැන කතා කරන්නවත් හොඳ නෑ. ඒවගේ නිගමනවලට ආවත් ප්‍රසිද්ධියේ කියන එක වැරැදියි. මොකද උදා: විදියට ගියවර කැබිනට් සංශෝධනයේදී මගෙ නම කියලා වරාය නාවික කටයුතු ඇමැතිකමයි දෙන්නෙ කියන එක මං දැනගත්තෙ ඒ මොහොතේ. කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ මොකක්ද ඒගොල්ලන්ට ලැබෙන්නෙ කියලා. ඒක ජනපති තීරණය කරයි.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න හැදුවා. දැන් ඒ අයින් කරන්න හදපු අගමැති යටතේම ඔබලා ඇමැතිකම් කරනවා?
විශ්වාසභංගයක් එහෙම අස්සන් කළේ නෑනේ. ඒකාබද්ධයෙන්නෙ කියන්නෙ විශ්වාසභංගයක් අස්සන් කරන්න පටන් ගන්නවා කියලා. අපි ආණ්ඩුවක් පිහිටුවා තියෙන්නේ එජාපය සමඟ එකතු වෙලානෙ. එජාප නායකයට එහෙම නැතිනම් අගමැතිවරයට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා නම් අපේ පක්ෂයේ තීන්දුවක් ගන්න ඕනෑ ඒකට මොකද කළ යුත්තේ කියලා.
ඒ ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වුණේ නැද්ද?
නෑ. එහෙම සාකච්ඡාවක් වෙලා නෑ. අපි තීරණයක් ගත්තොත් විශ්වාසභංග යෝජනාවකට අපේ අස්සනුත් ලබාගත යුතුයි කියලා එතකොට අපිට ආණ්ඩුවේ ඉන්න බෑ. ඉවත් වෙන්න ඕනෑ.
ඇමැතිකම් වෙනුවෙන් කවදාවත් එවැනි දෙයක් සිදුවෙන්නේ නැතිවෙයි නේද?
එහෙම කියන්නත් බෑ. අපි සාමූහික ගන්න ඕනෑ තීරණයක්, උදාහරණයක් විදියට අපෙන් අස්සන් ගත්තනේ නිමල් සිරිපාල ඇමැතිතුමා අගමැති කරන්න. ඒක වෙනම දෙයක්. විශේෂයෙන්ම 113ක් අවම වශයෙන් තියෙන්න ඕනෑ.
කොහොමත් ඇමැති ධුර රැකගැනීම වෙනුවෙන් ප්‍රවේශමෙන් පිළිතුරු දිය යුතුයි නේද?
නෑ ඉතින් අපේ ඇමැතිකම් තීරණය කරන්නෙ ජනාධිපතිතුමානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක අපිට ගනුදෙනුවක් නෑනේ.
නමුත් එකටනේ ආණ්ඩුව ගෙනියන්නේ?
නෑ. අපේ ඇමැතිකම් ආරක්ෂා වෙනවා නම් වෙන්නෙ ජනාධිපතිතුමා අතින්. රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා නෙමේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ අපි කවදාවත් දේශපාලනය කරන්නෙත් නෑ. කිසිම සම්බන්ධතාවකුත් නෑ ඒ මට්ටමෙන්.
අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුද? ඔබේ මතය කොහොමද?
මට පෞද්ගලික මතයක් ඉදිරිපත් කරන්න බෑ. මම ඉන්නෙ පක්ෂයේ ස්ථාවරය එක්ක. අපි දන්නෙ නෑනේ අවසාන තීරණය. පක්ෂය ගන්න තීරණයෙ මං ඉන්නවා. මොකක් හරි දීලා මට කියනවා නම් අස්සන් කරන්න කියලා ජනාධිපතිතුමා මට කියන්න ඕනෑ අස්සන් කරන්න කියලා. මොකද මං ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයෙක්. මගේ මන්ත්‍රිකම අද තියෙන්නෙ මෛත්‍රිපාල ජනාධිපතිතුමා නිසා. එතුමා කිව්වොත් මං ඕනෑම වෙලාවක අස්සන් කරනවා. ඒ විශ්වාසය අප අතර තියෙනවා.
ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. නමුත් ඔබලා දැන් ඊට එකඟ නෑ. බලය ගන්නතුරු කරන ප්‍රකාශයක් පමණක් වෙලා?
බොහෝ අය හිතන්නෙ තවම විධායකය අහෝසි කරන එක රටට හොඳ නෑ කියලා. මොකද පාර්ලිමේන්තුව කියන්නෙ හරි දියාරු තැනක්නේ. ඒකෙ ඔළුගෙඩි වෙනස් වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. හැබැයි මහජනයාගෙන් සෘජුව තේරී පත්වෙලා ඉන්න එකම නායකයා රටේ ජනපති. පාර්ලිමේන්තුවේ බහුතර දෙයක් තීරණය කළොත් ඒක තමයි නීතිය වෙන්නෙ. එතකොට රටේ අනන්‍යතාවට, ස්වෛරීභාවයට, තර්ජනයක් තියෙනවා නම් විධායක බලතල පාවිච්චි කිරීම කළයුතු වෙනවා. පාර්ලිමේන්තුවට ඒ බලය ලැබුණොත් සමහර විට මන්ත්‍රිවරු එහෙට මෙහෙට හරවන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය විධායක ජනපති ක්‍රමය තියාගන්න ඕනෑ. 19 වැනි සංශෝධනයෙන් බලතල වෙනස් කර තිබෙනවා.
එහෙනම් ඇයි එවැනි පොරොන්දුවක් දුන්නේ. එය ජනවරමට පටහැනියි නේද?
එතුමාගේ ප්‍රතිපත්ති ක්රමයේ නෑ විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා කවදාවත් කියලා නෑ. අර සෝභිත හිමිගේ ආදාහන උත්සවේදී කරපු කතාව තමයි දැන් ඇත්ත වශයෙන්ම ජනතාව පාවිච්චි කරන්නෙ. ජනවරම දුන්නේ විධායකය සංශෝධනය කරන්න මිස අහෝසි කරන්න නෙමේ.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවදුරටත් ජනපතිකමට තරග කරන්නේ නෑ කියලා?
ඉතින් අපිනෙ තීරණය කරන්නෙ එතුමා අපේ පක්ෂ නායකයා. එතුමා යහපත් නායකයෙක් ජාත්‍යන්තරයේ ලොකු පිළිගැනීමක් තියෙනවා. උතුරේ ඡන්ද විශාල ප්‍රමාණයක් ඇදී එන්න පටන්ගෙන.
මහනුවර වූ දෙපිරිසක් අතර ගැටුම මහා ගින්නක් වන තුරු සමනය කරන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලද?
අලුත්ගම සිද්ධිය පාලනය කළාද? අන්තිමට ඒක ලොකු ප්‍රශ්නයක් වුණානේ. අන්තවාදී කොටස් අපේ සමාජයේ ඉන්නවා. අපිට ඉදිරියේදී පැය විසිහතරේ විපරමක් කරන්න වෙනවා. මම නම් කියන්නෙ හැම ජන කොටසකම අන්තවාදීන් ඉන්නවා. මට අත්දැකීම් තියෙනවා මේවට මුහුණ දීලා. 83, 88 සිද්ධි ගැන. ඊට පස්සේ විටින් විට මේවා වුණා.
ඒ අත්දැකීම් තිබුණා නම් ඔබලාට ඇයි මේකෙ බරපතළකම නොතේරුණේ?
එවැනි අවස්ථාවක ඉස්සරවෙලාම වගකීම තියෙන්නෙ පොලිසියට. ජනපති මීට අගමැති සම්බන්ධ කරගෙන සෘජු මැදිහත්වීමක් කළා. හමුදාපති ඔය සිද්ධිය වෙද්දි හිටියේ විදේශගත වෙලා. එතුමා, අපි එහෙම මැදිහත් වුණේ නැත්නම් තත්ත්වය බරපතළයි. සමහරු ගැලරියේ ඉඳන් එක එක කියනවා. මොකද ඒ අයට ඡන්දෙ දීපු අයට පෙන්නන්න ඕනෑ අපි ආණ්ඩුවේ හිටියත් අපි ආණ්ඩුව විවේචනය කරනවා කියලා.
නමුත් මාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවාදය ගැන මහ ඉහළින් කතා කළාට අද වෙද්දි සමාජ ජාලවලට වාරණ පනවන තැනට ආණ්ඩුව පත්වෙලා. මේක අසාධාරණයි නේද?
අපි දන්නවනේ ෆේස්බුක් පාවිච්චි කරපු හැටි. සමහරු මේක බිස්නස් එකක් කරගෙන කටයුතු කළේ ව්‍යාජ තොරතුරු පතුරුවන්න. ආගම් ජාති අතර ප්‍රශ්න ඇති කළා. වාරණයක් නොකළා නම් තව තව ප්‍රශ්න ඇති වෙන්නෙ නැද්ද?
මේ හින්දා අපහසුතාවට පත් වන පිරිසක් ඉන්නවා නේද?
ඔව්. මං ඒක පිළිගන්නවා. ව්‍යාපාරිකයන්ට එය තදින්ම බලපානවා.
මැතිවරණයට පෙර තිබූ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව ගැන තිබූ උනන්දුව දැන් කෝ?
නෑ. බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වුණු ප්‍රධාන දෙන්නා අද රිමාන්ඩ් භාරයෙ.
නියෝග තිබියදීත් ප්‍රධාන චූදිතයෙක් වන අර්ජුන මහේන්ද්‍රන් ඇයි රටට ගෙන්වන්නෙ නැත්තෙ?
ඔහු ගෙන්විය යුතුයි. එයා උත්තර දිය යුතුයි. මම නම් කියන්නේ රටේ පොලිසියක් තියෙනවා. ඒ අය දැනගන්න ඕනෑ ජාත්‍යන්තර පොලිසිය එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න.
ජනාධිපතිට හා අගමැතිට වගකීමක් තිබෙනවා නේද ඔහු මෙරටට ගෙන්වීමට?
අපි උත්සාහයක් දරනවා. ආණ්ඩුවක් හැටියට අපි කියලා තියෙන්නේ පොලිසියට, ඒ ඒ අංශවලට. උසාවියත් වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන් විය යුතුයි. 2015 ජනවාරි 08ට පෙර එල්ල කරපු චෝදනා ඔප්පු කරන්නත් කටයුතු කළ යුතුයි. තවම මොකුත් කරලා නෑනේ.
2020 වෙනකම්ම මොකුත් නොවෙයි වගේ?
මං හිතන්නේ නෑ. හැබැයි ඡන්දෙ ප්‍රතිඵල එක්ක අපිට ජනතාව මතක් කළා කතා කරන දේවල් ඔප්පු කරන්නත් ඕන කියලා. ඔප්පු කරන්න බැරිනම් ජනතාවට කියන්න ඒක.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මහජන උපයෝගිතා කොමිසමේ ජනන සැලැස්ම රටම විදුලි අර්බුදයකට ඇද දමන සැලැසුමක් 🕔2018-04-24
- පෞද්ගලික න්‍යාය පත්රවලට වැඩ කිරීමෙන් සමස්ත ග්‍රාම නිලධාරි සේවාව හෑල්ලු වෙලා 🕔2018-04-24
- මාළුන්ට දාන කෑම එකක් දවල් කෑමට අරන් ඇවිත් 🕔2018-04-24
- නිදහස් සන්ධානයේ ලේකම්ගේ හැසිරීම දකුණටත් ලැජ්ජාවක් 🕔2018-04-24
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට ත්‍රීවීල් මීටර් අයිති වූයේ කෙසේද? 🕔2018-04-24
- සදාචාරයක් ඇත්නම් විපක්ෂයේ සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න 🕔2018-04-24
- ප්‍රසූත නිවාඩු ගන්නා ගුරුවරියන් වෙනුවෙන් සංචිතයක් 🕔2018-04-24
- දෛනික පරිභෝජනය ඉහළ වුවත් හොර වැඩ නිසා භූමිතෙල්වලින් පාඩුයි 🕔2018-04-24
- අලුත් සැසිවාරයකට විශාල වියදමක් නෑ : කට කතා බොරු 🕔2018-04-24
- තේ මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවට තවදුරටත් පහසුකම් සලසන්න 🕔2018-04-24
- හික්කඩුවේ දිය නෑමට ගිය විදේශිකයෙක් මරුට 🕔2018-04-24
- ‘මව්බිම’ පුවතින් පුංචි මල්ෂාන්ගේ ලෝකයට දෙවිනුවරින් ලැබුණු සහන් එළිය 🕔2018-04-24
- අවුරුදු 13කට කලින් සෞදි ගිය ලොකු දුව සොයා දෙන්න 🕔2018-04-24
- අවුරුදු සමයේ ලංකා සතොස ආදායම ඉහළට 🕔2018-04-24
- අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් තිබෙනවා 🕔2018-04-24
- කොණ්ඩෙ පාට කරන ඩයි පිළිකාවලට හේතුවක්ලු 🕔2018-04-24
- හිටපු ජනපති මහින්දගේ ප්‍රකාශය ඇමැති ගාමිණී ප්‍රතික්ෂේප කරයි 🕔2018-04-24
- වවුනියාව මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ 🕔2018-04-24
- මාස දහයේ බිලි¼දා මරා තිදරු මවක් දිවි නසාගෙන 🕔2018-04-24
- මාස 3ක් තුළ තෙල් මිල ඉහළට 🕔2018-04-24
- කතරගම සභාපති ඇතුළු 3ක් රිමාන්ඩ් 🕔2018-04-24
- උදයංග ලංකාවට භාරදීම ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා අසත්‍යයි 🕔2018-04-24
- එජාප ප්‍රතිසංවිධානයට පත් කළ දේශපාලන මණ්ඩලය අද රනිල් හමුවට 🕔2018-04-24
- 8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක් 🕔2018-04-24
- වැලි ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ‘චාමර’ගේ කල්ලිය කළ ඩීසල් වංචාවක් නිසයි 🕔2018-04-24
- නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලනිපය භාර නොගතහොත් එජාපයට හිමි වේවි 🕔2018-04-24
- නිල ඇඳුම් වවුචර් ක්‍රමය වෙනස් කරන්නේ නෑ 🕔2018-04-24
- බඩල්කුඹුරෙන් අලුත් දියඇලි 7ක් හමුවෙයි 🕔2018-04-24
- ජාතික ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? ශ්‍රී ලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද 🕔2018-04-24
- රනිල් කල් ඉකුත් වෙලාඔහු දැන් ඉල්ලා අස්විය යුතුයි 🕔2018-04-24
- 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අනිතාගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක් 🕔2018-04-24
- රාජකීය පිල පළමු කඩුල්ල පනී 🕔2018-04-24
- විරෝධතා මැද ආසියානු ශූරතා තරගාවලියට 🕔2018-04-24
- දඹුල්ලට ජයගන්න පහසු ඉලක්කයක් 🕔2018-04-24
- ලංකාවෙන් ළමුන් දෙදෙනෙක් රුසියාවට 🕔2018-04-24
- පාපන්දු කණ්ඩායම් 715ක් තරග බිමේ 🕔2018-04-24
- යුද හා නාවික කණ්ඩායම් සමස්ත කාන්තා හා පිරිමි ශූරතා දිනාගනී 🕔2018-04-24
- 1977 දී පොලිසියට නිවාඩු දුන් එජාපය විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න පොලිසියක් හදලා 🕔2018-04-24
- මම මෛත්‍රි මහත්තයට කිව්ව මට ලේකම්කම එපා කියලා 🕔2018-04-24
- විකිණීමට සූදානම් කර තිබූ දඩ මස් කිලෝ 40ක් පොලිස් විශේෂ කාර්ය බළකායට මාට්ටු 🕔2018-04-24
- ශ්‍රී පාද වන්දනාකරුවන් බැහැර කළ අපද්‍රව්‍ය පවිත්‍ර කිරීම මධ්‍යම මහ ඇමැතිගේ ප්‍රධානත්වයෙන් 🕔2018-04-24
- හිඟුරක්ගොඩ විදුලිය විසන්ධි වීමෙන් පණගන්වන්න ගිය ක්‍රියාකරු අනතුරට පත් වී රෝහලේ සියලු සේවාවන්ද අඩාල වෙයි 🕔2018-04-24
- මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිගේ වට්ටාරන්තැන්නේ නිවෙසක් හා ඉඩමක් අස්ගිරි මහ විහාරයට සඟසතු කරයි 🕔2018-04-24
- ගාල්ල කරාපිටිය රෝහලේ සැත්කම් කළ හදවත් රෝගියෙක් මියයෑමෙන් හෘද සැත්කම් අංශය තාවකාලිකව වසා දමලා 🕔2018-04-24
- පාර්ලිමේන්තුව නවීකරණයට වැය කරන කෝටි සියයක මුදලින් මට උදාගම් 80ක් හදන්න පුළුවන් 🕔2018-04-24
- මැයි 8 වැනිදා කතානායකවරයා තීන්දුවක් ගත යුතුයි 🕔2018-04-24
- ජනාධිපති සිරිසේනට අවශ්‍ය නැති වුණත් රටට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි 🕔2018-04-24
- රටේ තිබෙන ප්‍රශ්න විසඳීම පාර්ලිමේන්තුවට විතරක් කරන්න බැහැ 🕔2018-04-24
- යහපාලන ආණ්ඩුව ගෙදර යවා යළි මහින්ද යුගයක් ඇති කරනවා 🕔2018-04-24
- එකතු වෙලා පුංචි ඡන්දයට යමු කිව්වාම බක පණ්ඩිතයෝ අපිට උගන්වන්න ආවා 🕔2018-04-24
- බිරිය සමඟ රණ්ඩු වී පියා මාස 8ක දරුවාත් අරන් දුම්රියට පැනලා 🕔2018-04-24
- ඉඩම් ආරවුල දුරදිග ගිහින් මල්ලී අයියාට පොරොවෙන් කොටලා 🕔2018-04-24
- පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන 🕔2018-04-24
- ගාල්ලේ බන්ධනාගාර රැඳවියෙක් හදිසි ආබාධයකින් මියගිහින් 🕔2018-04-24
- ශෂී වීරවංශට එරෙහි රහස් පොලිසිය ගොනු කළ නඩුව විදෙස් ගමන් බලපත්‍රයේ උපන් දිනයන්හි වෙනස්කම් තිබුණත් ඛ්ධ්ච්යට පැමිණිලි කළේ නෑ හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා අධිකරණයේදී කියයි 🕔2018-04-24
- දික්වැල්ලේ සිවුදරු පියකු මැරූ පුද්ගලයා ලේ තැවරුණු මන්නයත් අරන් පොලිසියට ඇවිත් 🕔2018-04-24
- පොල් වල්ලක් වැටී අවුරුදු තුනක දරුවෙක් නසී 🕔2018-04-24
- මැණික් ගඟේ දිය වළකින් ගොඩගත් ව්‍යාපාරිකයාගේ මරණයට විවෘත තීන්දුවක් 🕔2018-04-24
- විගණන කෙටුම්පත පිළිබඳ අවසන් තීරණය මැයි 8 වැනිදා 🕔2018-04-24
- නොඑන ගමන ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවා 🕔2018-04-23
- කිතුල්ගලදී මියගිය කනිෂ්කගේ මරණ පරීක්ෂණය 🕔2018-04-23
- ගිරිතලේ ජාතික උද්‍යානවල සිටින අලින්ට මුඛ හා කුර රෝගයක් 🕔2018-04-23
- හක්කපටස් වෙඩිල්ලකින් සෙංගල්පඩෙයි අවුරුදු 3ක අලි පැටියෙක් මරුට 🕔2018-04-23
- උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවේ පිරිස කතරගම පුදබිමේ ආගමික වැඩසටහන් රැසකට එක්වෙති 🕔2018-04-23
- විදෙස් සංචාරකයෝ සීගිරිය අවුරුදු උළෙලේදී අලියා සමඟ කඹ අදිති 🕔2018-04-23