විලියම් ඇන්ග්ලිස් ආයතනයේ තිවාරා ප්‍රනන්දු යන්ග් චෙෆ් ඔලිම්පියාඩ් තරගයේ හත් වැනි තැනට

  👤  3448 readers have read this article !
By mawbima 2018-03-18

ඉන්දියාවේ කොල්කටා නුවර පැවැති 2018 ජාත්‍යන්තර තරුණ සූපවේදී ශූරතාව අවසන් 10 දෙනා අතර පැමිණීමෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන්නට විලියම් ඇන්ග්ලිස් වාණිජ සූපවේදිනි තිවාරා ප්‍රනාන්දු සමත් වූවාය. සිවුවැනි වතාවට පැවැති යංග් චෙෆ් ඔලිම්පියාඩ් 2018 (කධභදඨ ඛ්ඩඥට ර්ණීතරථනඪචඤ 2018) තරගයෙන් තිවාරා 7 වැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ රටවල් 50ක් සමඟ තරග කරමිනි. පසුගිය වර්ෂයේදීද විලියම් ඇන්ග්ලිස් සූපවේදී ඇන්ඩ්‍රින් ෂූ මේ තරගයේ 9 වැනි ස්ථානය දිනා ගත්තේය. විලියම් ඇන්ග්ලිස් සහතිකලාභී සූපවේදිනි තිවරාගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පිහිටි විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ජේ‍යෂ්ඨ සූපවේදී අධ්‍යයන ප්‍රධානි සූපවේදී කපිල ජයනෙත්ති මහතාය.

සිය මවුපියන් සාර්ථක විද්‍යාර්ථියන් වුවද සූපවේදය හැදෑරීමට අවතීර්ණ වූ තිවාරා විලියම් ඇන්ග්ලිස් ශිෂ්‍යාවක වශයෙන් තමාට ලැබුණු මේ අවස්ථාව සුවිශේෂී බව පවසයි.

"මට අවශ්‍ය නිදහස හා දස්කම් දැක්වීමේ ඉඩකඩ ලැබුණා. එමෙන්ම ගෝලීය මට්ටමේ විශේෂඥයන්ගෙන් අත්දැකීම් ලබා ගැනීමටත් මං පෙත් විවර වුණා. මා සිතන්නේ සිසුන් වැඩි වැඩියෙන් සූපවේදය හදාරා තමා තුළ ඇති දස්කම් ඔප්නංවා ගත යුතු බවයි." තරගයට බාහිරව පැවැති විශේෂාංගයේදී තරගකරුවන්ට තමන්ගේ රටේ සාම්ප්‍රදායික ආහාරයක් පිළියෙල කිරීමේ අවස්ථාව උදා විය. මෙහිදී තරුණ සූපවේදීන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ටද සිය අත්දැකීම් බෙදාහදා ගන්නට අවකාශ ලැබිණි. ජාත්‍යන්තර ප්‍රමිතියේ තිරසර උසස් අධ්‍යාපනයක් ලබා දීමට ඇප කැප වන විලියම් ඇන්ග්ලිස් ආයතනයට මේ අවස්ථාව වටිනා ඉදිරි පියවරකි. "තරුණ සූපවේදී තරගාවලිය විශේෂ ජාත්‍යන්තර සූපවේදී සම්මේලනයක් බවට පත්වුණා. ක්නෝර් සමාගමත්, ගාලු මුවදොර හෝටලයත් අපට ලබාදුන් අනුග්‍රාහකත්වයට කෘතඥතාව පුද කළ යුතුයි." සූපවේදී කපිල ජයනෙත්ති මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon