ශ්‍රී ලාංකිකයන්, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක හා අන්තර්ජාල සේවා සම්පාදක ලෙස නැවත වරක් ච්ඪචතධඨ සමාගම ඔසවා තැබූ වගයි

  👤  3539 readers have read this article !
By mawbima 2018-03-18

2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස, නැවත වරක් ජනතා මනාපයෙන් ච්ඪචතධඨ සමාගම පිදුම් ලැබීය. මේ ජනතා සම්මානය අපේ රටේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර මත පදනම් වන අතර මේ වසරේදී ච්ඪචතධඨ සමාගම ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක ලෙස අඛණ්ඩව සත් වැනි වරටත් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම වසරේ ජනප්‍රියතම ඉන්ටර්නෙට් සේවා සම්පාදක ලෙස පිට පිට සය වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලද ච්ඪචතධඨ සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 සහ වේගවත්ම ජාලය ලෙස පාරිභෝගිකයන්ට ලබාදෙන සේවාවත්, විශිෂ්ටතම සම්බන්ධතාවත් මේ විජයග්‍රහණයට හේතුව වශයෙන් දැක්විය හැකිය.

ච්ඪචතධඨ සමාගම සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුව සලසමින් පුළුල්තම ආවරණයත්, වේගවත් සම්බන්ධතාවත් සමඟින් නවීන තාක්‍ෂණයෙන් යුතු නව්‍යකරණයන්හිදී දිවයිනේ මෙන්ම කලාපයේම ඉදිරියෙන්ම සිටින සමාගමකි. 5ට් (ට්ඥදඥපචබඪධද) තාක්‍ෂණය දකුණු ආසියාවේ ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින්, ච්ඪචතධඨ සමාගම අපේ රටේ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන කටයුතු කරන අතර, ව්චපපධඹඡචදඤ ධ්දබඥපදඥබ ධට ඊඩඪදඨඵ (ව්ඕ -ධ්ධඊ) හා ඍධඪජඥ ධමඥප ඹ්ඊඡ් (ඍධඹ්ඊඡ්), ඍධඹ්ඊඡ් රෝමිං සහ 4.5ට් ඹ්ඊඡ් ඩ්ධථඥ ඕපධචඤඡචදඤ වැනි නවීනතම තාක්‍ෂණික විසඳුම් පාරිභෝගිකයන් වෙත ගෙන එමින්, විදුලි සන්දේශ ක්‍ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවැසීය. ''වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස ජනතා මනාපයෙන් අපව ඔසවා තැබීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙනවා. අපේ රට ඩිජිටල්කරණය වෙත යන ගමනේදී ප්‍රධාන වශයෙන් පහසුකම් සැපයීමට හා අපගේ දැක්ම අනුව යමින් ලාංකික ප්‍රජාව සහ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට අපි ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා'' තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ''පාරිභෝගිකයන් විසින් වසරින් වසර අප මෙසේ ඔසවා තැබීම මඟින් පිළිබිඹු කරන්නේ අපගේ සේවාවන්හි ගුණාත්මක බව පිළිබඳ ඇති ඔවුන්ගේ විශ්වාසයයි'' යනුවෙන් පැවැසීය.

12 වැනි වරටත් පවත්වනු ලැබූ මේ ජනතා සම්මාන උළෙල ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර එහි සමීක්‍ෂණ කටයුතු සඳහා සහයෝගිත්වය නීල්සන් ආයතනය විසින් සපයනු ලබයි. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි වයස අවුරුදු 15ත් 60ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් යොදා ගනිමින් මාස 6කට වැඩි කාලයක් පුරා පවත්වනු ලබන සමීක්‍ෂණයක් මඟින් සම්මාන සඳහා නම් කෙරෙන ආයතන සහ ජයග්‍රාහකයන් විවිධ කාණ්ඩ යටතේ තෝරා ගැනේ. ශ්‍රී ලාංකික ජනතාවගේ හදවතට සමීප වූ වෙළෙ¼ද නාම සහ පුද්ගලයන් මේ සම්මාන සඳහා සුදසුකම් ලබති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon