ලංකා සතොස 2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

  👤  3472 readers have read this article !
By mawbima 2018-03-18

69 වසරක අභිමානවත් ගමන් මඟකට උරුමකම් කියන ලංකා සතොස පසුගියදා පැවැති ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී ජනතා සම්මානයට පාත්‍ර විය. මෙරට පැරැණිතම සහ විශාලතම අලෙවිසල් ජාලයට (400කට ආසන්න) උරුමකම් කියන සතොස එම කාලය තුළ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල තීරකයා ලෙස දක්වා ඇති දායකත්වය අති විශාලය.

ආරම්භයේ සිට මේ දක්වාම ලංකා සතොස මෙරට පාරිභෝගිකයාගේ ජීවන බර අවම කිරීමට කටයුතු කරන ආයතනයක් ලෙස නිරන්තරයෙන්ම තම මෙහෙවරේ නිරත විය. ඇතැම් විට පාරිභෝගිකයාට පාලන මිලටත් වඩා අඩුවෙන් සැපයීමට ලංකා සතොස කටයුතු කළේය. සතොස රාජ්‍ය ආයතනයක් වීමත් රට පුරා ශාඛා රැසක් ව්‍යාප්තව තිබීමත් හේතුවෙන් මහජනතාව සතොස හා අත්වැල් බැඳගෙන තම දෛනික පාරිභෝගික අවශ්‍යතා ඉටුකර ගනිති.

මෙවර ලබාගත් සම්මානයෙන් පැහැදිලි වන්නේ සතොස සාර්ථක ගමන් මාර්ගයක් වෙත ප්‍රවේශ වී සිටීමේ ලක්ෂණ පහළ කරමින් සිටින බවයි. ලබාගත් සම්මානය පිළිබඳ අප කළ විමසීමකදී ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එච්.එම්.එස්. ෆාරාස් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"මම මෙය අවස්ථාවක් කරගන්නවා මේ සම්මානය දිනා ගැනීමට අපට දායකත්වය ලබාදුන් පාරිභෝගික ජනතාවට ස්තුති කරන්න. ඒ වගේම ලංකා සතොස සේවක මණ්ඩලයටත්, අප ආයතනයට නිෂ්පාදන සපයන සැපයුම්කරුවන්ටත් ස්තුති කරන්න. වසර 69ක් ආ ගමන් මඟට ශක්තියක් වුණේ මේ කියපු පිරිසයි. ඒ වගේම ස්තුති කරන්න කැමැතියි ඉඹ්ධ්ර් ආයතනයට. නීල්සන් ජනතා සම්මාන උළෙල අඛණ්ඩව වසර 12ක් පැවැත්වීම සම්බන්ධව. විශේෂයෙන් ස්තුති කරන්න ඕන රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට. එතුමා අපට හෙවණැල්ලක් වගේ අපි කරන වැඩවලට උපරිමයෙන් සහාය දෙනවා.

අපට ලැබුණු මෙම සම්මානයෙන් අපි තවදුරටත් උදේ‍යාගිමත් වෙන ගමන්ම පාරිභෝගිකයන්ට ලබා දුන්නු සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනවා. මහජනතාව තවදුරටත් තහවුරු කරලා තියෙනවා අපි ලංකා සතොස තුළ කරපු වෙනස්කම් වගේම කරන ලද සංචාරක කටයුතු සාර්ථක බව. ඒ නිසා තමයි අපිට "ජ්ර්ඛ්ට් ඕපචදඤ ධට බඩඥ කඥචප" සම්මානය හිමි වෙලා තියෙන්නේ."

නුවන් බඹරැන්දගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon