ජනතාවගේ සැබෑ මනාපය ඔස්සේ “ඕර්ණීඛ්” වසරේ විශිෂ්ටතම ‘ජනතා සේවා සන්නාමය’ ලෙස පිදුම් ලබයි

  👤  3478 readers have read this article !
By mawbima 2018-03-18

ඉඹ්ධ්ර්-ව්ඪඥතඵඥද ජනතා සම්මාන 2018 උලෙළේ දී ජනතාවගේ සැබෑ මනාපය තුළින් වසරේ හොඳම ජනතා සේවා සම්මානය දක්වා ඔසවා තැබීම සම්බන්ධයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ඕර්ණීඛ් ස්තූතිය පළ කරයි. ඉඹ්ධ්ර්-ව්ඪඥතඵඥද ජනතා සම්මානය යනු කිසියම් සන්නාමයක් ජනතාව අතර ඇති කර ගත් සබැඳියාව සහ ශක්තිය ඉස්මතු කර දක්වනු ලබන කීර්තිමත් සම්මාන උළෙලකි.

ශ්‍රී ලංකාවේ අලෙවිකරුවන්ගේ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (ඉඹ්ධ්ර්) සහ නීල්සන් (ලංකා) පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෙළෙඳ නාම සහ වෙළෙඳනාම ආයතන, සම්මාන දිනා ගෙන ඇත.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය දිවයිනේ ප්‍රධාන පෙළේ සන්නාම අතරෙන් ජනතාවගේ සැබෑ තේරීම ලෙස ඉදිරියට පැමිණෙන සන්නාමයන්හි ශක්තිය පෙන්නුම් කරන වේදිකාවක් වශයෙන් සැලකීමට පුළුවන. ලොව සුප්‍රකට බහුජාතික අලෙවිකරණ පර්යේෂණ සමාගම් අතරෙන් එකක් වන නීල්සන් ලංකා පෞද්ගලික සමාගම විසින් දිවයින පුරා පවත්වන ලද සමීක්ෂණයක් මඟින් සියලුම සම්මානලාභීන් තෝරා ගනු ලැබේ. මෙම ස්වාධීන සමීක්ෂණය මඟින් පෙනී ගියේ ජයග්‍රාහී සන්නාම කෙරෙහි ජනතාවගේ ඇති ඇල්ම හා ඔවුන් වෙත කොතරම් ඵලදායී ලෙස සන්නාමය සන්නිවේදනය වී ඇත්ද යන්නයි. වාර්ෂිකව නීල්සන් සමාගම විසින් අවුරුදු 15ත් 60ත් අතර පුරවැසියන් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ම පුළුල් සමීක්ෂණයක් පවත්වනු ලබයි.

වඩා හොඳින් මෙම පර්යේෂණ සිදු කිරීම සඳහා නීල්සන් සමාගම විශාල නියැදි කණ්ඩායමක් තෝරා ගනිමින් පුළුල් ක්‍රමවේදයක් අනුගමනය කර ඇත. නීල්සන් සමාගම පවසන්නේ, ඒ ඒ සන්නාම සඳහා වගුගත කළ ප්‍රතිඵල ඉඹ්ධ්ර් ආයතනය වෙත ලබාදී ඇති අතර තෝරාගත් ජයග්‍රාහී සන්නාම සැබැවින්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මනස තුළ මනා ඇල්මක් ස්ථාපිත කළ ඒවා බවය. "වසරේ විශිෂ්ටතම ජනතා සේවා සන්නාමය"ට අමතරව මෙම සම්මාන උළෙලේදී "ඕර්ණීඛ්" සන්නාමය තවත් වැදගත් සම්මාන රැසක් සඳහා යෝජනා වූ අතර සම්මාන උළෙලේදී හිමිවන ඉහළම සම්මානය වන "වසරේ ජනතා සම්මානය" සඳහා යෝජනා වූ ආයතන හතර අතරටද ඕර්ණීඛ් එක්විය.
විවිධ වූ සන්නාම විසින් මාධ්‍යය ඔස්සේ ජනතාවගේ හදවත් තුළ රැඳීමට ගන්නා ලද උත්සාහය අභිභවමින් කිසියම් සන්නාමයක් ජනතාවගේ හදවතෙහි සහ මනසෙහි සදාකල් ලැගුම් ගන්නේ කෙසේද යන්න මෙවැනි සම්මාන මඟින් අර්ථවත් වෙයි.

"මෙම සම්මානය මඟින් පෙනී යන්නේ "ඕර්ණීඛ්" සන්නාමය සැලසුම් කිරීම සහ එය ජනතාව තුළ තහවුරු කිරීම ඉතා සාර්ථක ක්‍රියාවක් බවට පත් වී ඇති බව සහ ඒ සඳහා උපායමාර්ගික චින්තනය හා ආයෝජනයන් සිදු කිරීම ඵලදායී එකක් වී ඇති බවය.

ජනතාවගේ සැබෑ හඬ තුළින් ඉස්මතු වූ පරිපූර්ණ සන්නාමයක් බවට "ඕර්ණීඛ්" දියුණු කිරීම සඳහා කැපවූ අපගේ අලෙවිකරණ / සන්නාම කණ්ඩායමට සහ සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූති කිරීමට මා මෙම අවස්ථාව යොදා ගැනීමට කැමැතියි. තවද මතකයේ රැඳී සිටින සන්නාමයක් බවට පත්විම උදෙසා වූ අපගේ විශිෂ්ටත්වයේ ගමනට සහාය වීම සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ට මා ස්තූතිවන්ත වෙනවා" යැයි මහ කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා පැවැසීය.

ඕපචදඤ ජ්ඪදචදජඥ ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය වසර නවයක කාලයක් ඕර්ණීඛ් අඛණ්ඩව මෙරට අංක එකේ සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කරනු ලැබ ඇති අතර, ලොව විශාලතම හා වඩාත්ම බලපෑම් සහගත ගෝලීය වෙළෙඳනාම උපදේශන නියෝජිතායතනය වන ධ්දබඥපඕපචදඤහි සමාරම්භක සමුළුවේදී ද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම අතර අංක එක ස්ථානයට පත්වීමට ඕර්ණීඛ් සන්නාමයට හැකි විය. ශ්‍රී ලංකා ප්‍රජාව කෙරෙහි "ලංකා බැංකුව" ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් ඛ්ර්ර්ණී ඛ්ධභදජඪත ඒඵඪච විසින් 2017-2018 වසර සඳහා ර්චඵබඥප ඕපචදඤ තත්ත්වය ඕර්ණීඛ් වෙත ලබා දෙන ලදී. මුම්බායිහි පිහිටි ප්‍රධාන අලෙවි නිලධාරීන්ගේ මණ්ඩලය (ඛ්ර්ර්ණී ඛ්ධභදජඪත) විසින් "ඕර්ණීඛ්" සන්නාමය 2013 වසරේ ආසියාවේ හොඳම සන්නාමය ලෙස නම් කරනු ලැබ ඇත. ආරම්භයේ සිටම, ලංකා බැංකුවේ ආදර්ශ පාඨය වන්නේ රටේ සහ එහි ජනතාවගේ සමාජ හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යන්නයි. ඒ අනුව ඕර්ණීඛ් විසින් අනාගත බැංකු හා මූල්‍ය සේවා සඳහා අවශ්‍ය වන සමාජ හා ආර්ථික ප්‍රවණතා පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව සිය නිෂ්පාදන සහ සේවා උපායමාර්ගික ලෙස සකස් කරනු ලැබ ඇත. "ඕර්ණීඛ්" වරින්වර සිය උපාය මාර්ගික සැලසුම් යාවත්කාලීන කර ඇති අතර 2012 මුල් භාගයේදී ඩිජිටල් පරිවර්තනයට අනුගත විය. ඒ අනුව ඉතා ඉක්මනින් සියලුම වැදගත් ව්‍යාපාර ක්‍රියාවලීන් ආවරණය වන පරිදි කාර්ය ප්‍රවාහය ස්වයංක්‍රියකරණයට ලක් කිරීමට සමත් විය. ඕර්ණීඛ් මෙම ස්වයංක්‍රියකරණය ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම එමෙන්ම රාජ්‍ය බැංකුවක් ලෙස රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම පරිවර්තන හරහා ලැබුණු සාර්ථකත්වය නිසා ඉක්මනින්ම සියලුම ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රිය කළ පළමු දේශීය බැංකුව බවට ඕර්ණීඛ් පත්වන අතර දේශීය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් විවෘත කිරීම, ණය සහ වෙනත් සේවා ඉල්ලීම් ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඉටුකර ගැනීමේ පහසුව මේ යටතේ සැලසෙනු ඇත.

වසර 79කට අධික කාලයක් පුරා සේවාලාභීන් සඳහා විශ්වාසදායක මූල්‍ය සහකරුවකු ලෙස ඕර්ණීඛ් කටයුතු කර ඇත. එය පසුගිය වසර කිහිපය මුළුල්ලේ අතිවිශිෂ්ට ජයග්‍රහණ රැසක් සනිටුහන් කිරීමට සමත් විය. 2012 වසරේදී ටි්‍රලියනයක වත්කම්, 2015 වසරේදී ටි්‍රලියනයක තැන්පතු මෙන්ම 2016 වසරේ දී ටි්‍රලියනයක ණය සහ අත්තිකාරම් අත්කර ගැනීමට හැකි වූ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව වන්නේද ඕර්ණීඛ්ය. මේ වනවිට බැංකුවේ වත්කම්වල සමස්ත වටිනාකම රුපියල් ටි්‍රලියන 1.8ක් ඉක්මවන අතර රටේ ව්‍යාපාරික ආයතනයක් සතු ඉහළම වත්කම් ප්‍රමාණය එයයි. මේ වනවිට විශේෂ පත්‍රයේ "ටි්‍රලියන ත්‍රිත්වයක්" හිමි එකම ශ්‍රී ලාංකික බැංකුව වන්නේද ඕර්ණීඛ්ය.

බැංකුවේ වත්කම් වර්ධනය පිළිබඳ සලකා බලන විට ඕර්ණීඛ් සිය වත්කම් පදනම නුදුරු අනාගතයේදී රුපියල් ටි්‍රලියන 2 දක්වා ඉහළ නංවා ගනු ඇත. එය ශ්‍රී ලංකාවේ බැංකු කර්මාන්තයේ තවත් සන්ධිස්ථානයක් වේ. විවිධ ආර්ථික ස්තරයන්ට අයත් සහ භූගෝලීය වශයෙන් විවිධ ස්ථානවල සිටින පුද්ගලයන්ගේ සිට ව්‍යාපාර සහ සංවිධාන දක්වා වූ විවිධාකාර වූ ගනුදෙනුකාර පාර්ශ්ව සඳහා පුළුල් සේවාවක් සපයනු ලබයි. ඕර්ණීඛ් සන්නාමයේ වසර 79ක සාර්ථකත්වය එහි නිරන්තරයෙන් යාවත්කාලීන වන ගනුදෙනුකාර පාර්ශ්වයන්ගේ බැංකු අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දී ප්‍රධාන සාධකයක් වේ. "ජාතියේ මහා පහන් ටැඹ" ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සිය සැබෑ කොටස්කරුවන්, පුරවැසියන් සහ ශ්‍රී ලංකා රජය සඳහා හොඳම ප්‍රතිඵල ලබාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon