ඇඳුම දිහා බලලා මට ඕන කෙනෙක් ගැන කියන්න පුළුවන්

  👤  3935 readers have read this article !
By mawbima 2018-03-18

ඇඳුම් කිව්වම අපි දන්නවා එය මූලික මිනිස් අවශ්‍යතාවලින් ප්‍රමුඛතම අංගයක් බව. ඇඳුම් කියන්නේ අද වන විට ජ්චඵඩඪධද ඊපඥදඤ එකක්. ලංකාවේ පිරිමි නිමි ඇඳුම් විලාසිතා පිළිබඳව කතා කරනවිට ඩ්චථඥඥඤඪච කියන්නේ අපේ රටේ පිරිමින්ට අඥචත ර්ඥද කෙනෙක් වෙන්න උදවු කරන තැන සහ ලංකාවේ පිරිමින්ට මුල්ම වතාවට ලංකාවේම නිර්මාණය කරපු විලාසිතා අඳින්න උගන්වපු තැන. එනිසා ඩ්චථඥඥඤඪච ලංකාවේ ව්‍යාපාර අතර සුවිශේෂී කඩඉමක් බව කිව යුතුමයි.

සැබැවින්ම ඩ්චථඥඥඤඪච කියන්නේ සහෝදර උරුමයක සහ සහෝදර මහන්සියක ප්‍රතිඵලය. පුංචි තැනකින් ආරම්භ කරපු ඔවුන් අද වනවිට විදේශීය වෙළෙඳපොළටත් බලපෑම් කරන්නට සමත්ව තිබෙනවා. ඔවුන් මෙතෙක් කල් ආ ගමන්මඟ, ඔවුන් ලැබූ සතුට, දුක මේ සියලු දෑ ගැන කතා කරන්න අද කඩඉමට සම්බන්ධ වුණේ හමීඩියා ආයතනයේ ර්චදචඨඪදඨ ච්ඪපඥජබධප ජ්ධභලභත ඩ්චථඥඥඤ මහත්මයා. බොහොම ජේත්තුවට අඳින්න පලඳින්න සමර්ථයෙක් වුණු ඔහු එදත් බොහොම ලස්සනට හැඳ පැලඳගෙන හිටියා.

මේ දවස්වල කොහොමද? සතුටින් කාලේ ගෙවෙනවද?

ටිකක් කාර්යබහුලයි. මොකද මේ ක්ෂේත්‍රයේ ලොකු තරගයක් ඇතිවෙලා තියෙනවා පසුගිය වසර 5, 6 ඇතුළත. ඒ නිසා අපි ටිකක් කාර්යබහුල වුණා. සතුටින් ඉන්නවා නම් තමයි, ඒත් මේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන හිතනකොට නම් විශාල කනගාටුවක් දැනෙනවා. මම හැම මාසෙකටම වරක් දෙවරක් ලෝකේ වටේ ඇවිදින කෙනෙක්. මට නම් මේ රට තරම් හොඳ රටක් ලෝකේ කොහේවත් නෑ. මම හරිම ආදරෙයි මේ රටට.

බලන්න ඉස්සර අපේ සීයලා, තාත්තලා කොයිතරම් සමඟියෙන් ජීවත් වුණාද? එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. හැම මිනිහාටම ආගමක් තියෙනවා තමයි, හැම මිනිහාම ආගමක් අදහන්නත් ඕනා. නමුත් ආගම, ජාතිය වගේ දේවල් නිසා මනුස්සකම් නැති කරගන්න හොඳ නැහැ. කිසිම ආගමකින් මිනිස්සු ගහමරා ගන්න එක අනුමත කරන්නේ නෑ. අපේ ආගමෙත් එහෙමයි. මිනිස්සු මරන්න කියලා නැහැ. අනෙකාට ගරු කරන්නයි, ආදරේ කරන්නයි තමා ආගම්වලින් උගන්වන්නේ.

මිනිස්සු තමන්ගේ වාසියට ආගම දඩමීමා කරගෙන මරා ගන්නවා. මේවා සේරම ඉතාම සැලසුම් සහගතව කරන දේවල්. දේශපාලන කුමන්ත්‍රණ. මම නම් කවදාවත් මුස්ලිම් කෙනකුට ඡන්දය දීලා නැහැ. අපිට පක්ෂ අවශ්‍යත් නැහැ. මේ පක්ෂ හදාගත්තාම තමයි සේරම ප්‍රශ්න. මුස්ලිම් පක්ෂ පස්සේ යන්න ගියාම තමයි හැමදේම අවුල් වෙන්නේ. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා මට වැඩක් නැහැ.

රට හදන්න පුළුවන් හොඳ නායකයොයි රටට අවශ්‍ය. අනිත් කාරණය අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්මයි මේ ජාතිභේද ජාතිවාද ඇති කරන්නේ. සිංහල බෞද්ධ ඉස්කෝල, සිංහල ක්‍රිස්තියානි ඉස්කෝල, මුස්ලිම් ඉස්කෝල, දෙමළ ඉස්කෝල. මොකටද පාසල්වලට ජාති ආගම් භේද? හැමෝටම එකම ඉස්කෝලෙක ඉගෙන ගන්න බැරිද? මම නම් හරිම අකැමැතියි ඒ විදියට ජාති, ආගම් අනුව පාසල් වර්ග කරනවාට. ඒක වෙනස් වුණා නම් සෑහෙන ප්‍රශ්න විසඳෙයි. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. රටේ අනාගත පරම්පරාවට මේ වගේ ප්‍රශ්න නිර්මාණය කරලා දෙන්න හොඳ නැහැ. ඔවුන් පිල් නොබෙදී එකා වගේ මේ සිංහල රටේ ජීවත් වුණාවේ. ඒකයි මගේ පැතුම.

කොහොමද මේ දවස්වල බිස්නස්?

ඇත්තටම ටිකක් බිස්නස් අඩුයි. මට හිතෙන්නේ ඒක මේ කාලේ ඕනෑම ව්‍යාපාරයකට තියෙන පොදු ප්‍රශ්නයක්. කොයිතරම් තරගකාරයෝ ආවත් හමීඩියාස් කියන නම අපි හදාගෙන ඉවරයි. අනිත් අය සමඟ බලන විට අපි ඔවුන්ට වඩා 20% - 30%ක් ගුණාත්මක බවින් ඉහළින් ඉන්නවා. අපි දවසින් දවස අලුත් දේවල් අත්හදා බලනවා.
ඇත්තටම අපිට දේශීය වෙළෙඳපොළ තර්ජනයක් නෙවෙයි. අපි තරග කරන්නේ විදේශීය තරගකරුවෝ සමඟයි. අද වනවිට ඡ්දමධර ඕපචදඤ එක අන්තර්ජාතික වශයෙන් පිළිගත් සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා.

ඔබට ඉලක්කගත පාරිභෝගික පිරිසක් ඉන්නවාද?

පිරිමි පාර්ශ්වය තමයි අපේ ප්‍රධාන ටාගට් කණ්ඩායම. කාන්තාවෝ වෙනුවෙන් අපි ඇඳුම් නිර්මාණය කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි පුරුෂ පාර්ශ්වය අරමුණු කරගෙන මේක කරගෙන යන්නේ. එතැනදී අපි ඕපචදඤඵ තුනක් තිබෙනවා. ඕනෑම තරාතිරමක කෙනෙක්ට අඳින්න පුළුවන් ඉඪඨදචබභපඥ කියන්නේ අපේ ඉහළ වෙළඳපල නිෂ්පාදනය. එතකොට ඹ්ඥ ඕධදඤ කියන්නේ ර්ඪඤඤතඥ උනනඥප මාකට් එකට හදපු ඕපචදඤ එක. ඡ්දමධර කියන්නේ අන්තර්ජාතික මට්ටමට ගිය ඕපචදඤ එක. ඇත්තටම ගොඩක් අය හිතනවා ඩ්චථඥඥඤඪච කිව්වම මිල අධික ඇති කියලා. ඇත්තටම අපි එහෙම නැහැ.

ඇයි පුරුෂ පාර්ශ්වයට විතරක් විලාසිතා කරන්නේ?

හමීඩියාස් අපේ විෂන් එක තමයි අඥචත ර්ඥද එඥචප අඥචත ඛ්තධබඩඥඵ කියන එක. ඇත්තටම අපිට ඕනා නියම මහත්තයෙක් හදන්න. පිරිමියෙක් වුණාම මහත්මයෙක් වීම අනිවාර්යයි. මහත්මයෙක් වෙන්න අභ්‍යන්තර සහ බාහිරින් සපුරාගත යුතු බොහෝ දෑ තිබෙනවා. අපි කරන්නේ බාහිරින් සපුරාගත යුතු දේවල් ටික හදලා දෙන එකයි.
තමන්ගේ වයසට ගැළපෙන්න, තමන්ගේ වෘත්තියට, තමන්ගේ අධ්‍යාපනයට, සමාජ තරාතිරමට, සංස්කෘතියට ගැළපෙන්න ඇඳුමක් තෝරාගන්න පිරිමියකුට හැකියාව තිබිය යුතුයි. මගේ පාරිභෝගිකයෝ සියලුම දෙනා මහත්වරු. කාන්තා පාර්ශ්වයට තමයි ඇත්තටම මම මුලින්ම විලාසිතා කළේ. නමුත් මගේ අම්මා ඒකට දැඩිසේ විරුද්ධ වුණා. තාත්තත් කළේ පිරිමි අයට ඇඳුම් නිර්මාණය කරපු එක. ඒ නිසා අම්මා මට නිතරම කිව්වා පිරිමි අයට විතරක් ඇඳුම් නිර්මාණය කරන්න කියලා. මොකද මම ගැහැනු අයට ඇඳුම් නිර්මාණය කරපු කාලේ මට නිතරම ලස්සන ලස්සන නිරූපිකාවෝ, ලස්සන ගැහැනු ළමයි එක්ක වැඩිපුර ගැවසෙන්න වුණා. ඉතින් අම්මා බය වුණා මම ඒ අය එක්ක සබඳකම් පවත්වයි කියලා.

හැමදාම අම්මා මට ඒ දවස්වල බනිනවා. අපේ ආගමික පරිසරය, සංස්කෘතිය එක්ක ගැහැනු අය සමඟ වැඩිය කුලුපග වීම නිසා මට නරක කතාවක් හැදෙයි කියලා අම්මා බය වුණා. අවසානයේ අම්මාගෙන් බැනුම් අහලාම එපා වෙලා මම පිරිමි අයට විතරක් ඇඳුම් නිර්මාණය කරන්න පටන් ගත්තා.

ඇත්තටම ජ්චඵඩඪධද ගැන වැඩිපුර උනඤචබඥ වෙන්නේ ගැහැනුද පිරිමිද?

මම හිතන්නේ ගැහැනු පාර්ශ්වය හරිම ඉක්මනට උනඤචබඥ වෙනවා. පිරිමින්ට වඩා ගැහැනු විලාසිතාවලට තිබෙන නැඹුරුව වැඩියි. ඔවුන් නිතර නිතර අලුත් විලාසිතා අත්හදා බලනවා. ධ්දබඥපදචබඪධදචත මට්ටමේ ඒවා ජ්ධතතධඹ කරනවා. නමුත් පිරිමියා එහෙම නැහැ. මොකක් හෝ ෂර්ට් කෑල්ලක්, ටී ෂර්ට් කෑල්ලක් ගහගෙන, කලිසමක් හෝ ෂෝට් එකක් ඇඳගෙන ඉන්නයි බලන්නේ.

පිරිමි අය තමන්ගේ කාර් එක මාරු කරනවා. මොබයිල් ෆෝන් එක මාරු කරනවා. නමුත් තමන්ගේ ඇඳුම සහ තමන්ට ගැළපෙනම විලාසිතාව තෝරගන්න දන්නේ නැහැ. ලොකු බඩවල් හදාගෙන අලුත්ම මාදිලියේ බී. එම්. ඩබ්ලිව්. කාර් එකක ගියාට වැඩක් නැහැ. සමහර කොල්ලෝ හිතනවා ජිම් එකකට ගිහින් මාංසපේශී පුම්බගෙන, ඇඟට හිර ඇඳුමක් ඇන්දම අඥචත ර්ඥද වෙන්න පුළුවන් කියලා. ඒක වැරැදියි.

අද කෙල්ලෝ හරිම දක්ෂයි හරිම ඉථචපබ. කොල්ලෝ වගේ නෙමෙයි. කෙල්ලෝ කැමැතියි මහත්වරු වගේ ලස්සනට පිළිවෙළට අඳින පිරිමින්ට. මම දන්න ගොඩක් පිරිමි අය ඉන්නව වයස අවුරුදු 35යි 40යි. තවම බැඳලා නැහැ. හේතුව කෙල්ලෝ කැමැති නැහැ. සමහරු හොඳ ජොබ් කරන සල්ලිකාරයෝ. අද කෙල්ලන්ට සල්ලි විතරක් වැඩක් නැහැ. තට්ටේ තිබුණා කියලා තට්ටේ වහන්න විග් දාන්න ඕන නැහැ. කළු කෙස් තිබුණා කියලා ඩයි කරන්න ඕන නැහැ. කෙල්ලෝ එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පිරිමි ඔය ටික හරියට තේරුම් ගන්න ඕන. මම දේශනවලට යනවා, පුහුණු කිරීම්වලට යනවා. ඒ තැන්වලදී මම නිතරම මේ දේවල් කියනවා.
නියම පිරිමියෙක් නම් මුලින්ම තමන්ගේ අභ්‍යන්තරය හොඳට හදාගන්න ඕනෑ. ඊට පස්සේ තමුන්ගේ ශරීරයේ සෞඛ්‍ය සහ හැඩය ප්‍රමාණය ගැන හිතන්න අවශ්‍යයි. ව්‍යායාම කරන්න ඕන. හොඳ කෑම වේලක් කන්න ඕන වසවිස නැති. මේ දේවල් කළොත් ඕනෑම පිරිමියෙක්ට අඥචත ර්ඥද වෙන්න අමාරු නැහැ.

පුද්ගල පෞරුෂත්වයට ඇඳුම් කියන දේ බලපාන්නේ කොහොමද?

මට පුළුවන් ඕනෑම පුද්ගලයෙක් ඇඳගෙන ඉන්න ඇඳුම දිහා බලලා ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලබාගන්න. ඕනෑම කෙනකුට එහෙම හැකියාවන් තිබෙනවා. පළමු දැක්මේදී හොඳ හෝ නරක හැඟීමක් ඇති කරන්න ඇඳුම සමත් වෙනවා. ඇඳුම ඇඳගෙන ඉන්න ක්‍රමය, විලාසිතාව, ඇඳුමේ පාට, රෙදි වර්ගය, ඕපචදඤ එක, මේ හැමදේම පෞරුෂත්වය කියාපාන සාධක. ඒ වගේම අඳින වර්ණවලිනුත් පෞරුෂය කියන්න පුළුවන්. ඒ වගේම ඇඳුම පොඩි වෙලා තියෙන ආකාරය සහ එහි නීට්නස් එක බලලා ගෙදර වෝඩ්රොබ් එක ගැනත් කියන්න පුළුවන් මට නම්.

ඇඳුම්වලට අමතරව ඔබ කෑම සම්බන්ධ ව්‍යාපාරයකුත් ආරම්භ කළා නේද?

මම කැෆේ එකක් විවෘත කළා. ඒ මගේ තේමාව තමයි ඩ්ඥචතබඩර ජ්ධධඤ. ඒ කියන්නේ මිනිහෙක් හොඳින් ජීවත් වෙන්න නම් හොඳ සෞඛ්‍යසම්පන්න සමබල ආහාර වේලක් ලබා ගත යුතු වෙනවා. අපේ අම්මා ඉස්සර මට නිතරම කියනවා උඹලා මේ දුවන්නේ, හම්බ කරන්නේ කන්නනේ කියලා. මම කියන්නේ මනුස්සයෙක් ලස්සනට අඳින්න නම් හොඳ නිරෝගී ශරීරයකුත් තියෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම ඒ ව්‍යාපාරය ආරම්භ කළේ. කනවා කියලා කන්දක් වගේ බෙදා ගෙන කන්නත් හොඳ නැහැ. ඒකෙත් ප්‍රමාණයක් තිබෙනවා.

මේ වගේ ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය පෙලඹවීම ලැබුණේ කොහොමද?

ඇත්තටම හමීඩියා කියන්නේ පවුලේ ව්‍යාපාරයක්. 1925දී මගේ තාත්තාගේ මාමා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. වැල්ලවත්තේ පොඩියට පටන් ගත්තු ටේලර් ෂොප් එකක් ඒක. මගේ තාත්තා වැඩ කළේ මාමා ගාව. මාමාගෙන් පස්සේ තාත්තාගේ අම්මා තියෙන ඉඩමක් විකුණලා ඒ මුදල්වලින් තමයි අපේ තාත්තාට ඒ ව්‍යාපාරය අරගෙන දුන්නේ. තාත්තා මේක ගත්තේ 1949දී. තාත්තා යටතේ පස් දෙනෙක් වැඩ කළා. අපේ අම්මයි තාත්තායි මේක දියුණු කරන්න ගොඩක් දුක් විඳලා තියෙනවා. බොහොම පොඩි ව්‍යාපාරික ස්ථානයක් තමයි මුලින්ම තිබිලා තියෙන්නේ.

මගේ පවුලේ හය දෙනයි. පිරිමි තුනයි, ගැහැනු තුනයි. අපි හයදෙනාම පුංචි කාලේ ඉඳලා මේ ව්‍යාපාරයට උදවු කළා. තාත්තට මම හරිම ආසාවෙන් උදවු කළා පුංචි කාලේ ඉඳලම. මට තේරුණා මට ඩිසයිනින් පැත්තටයි ටේලරින් පැත්තටයි හැකියාවක් තිබෙන බව. තාත්තා මියගියාට පස්සේ අපි හය දෙනාම ව්‍යාපාරය දියුණු කරන්න උත්සාහ කළා. එකම ව්‍යාපාරයකට පවුලේ සියලු දෙනාම මහන්සි වුණා. අයියා තමයි මූලික වෙලා වැඩ කළේ. මම ඉතින් වැඩිය උනන්දුවක් වුණෙත් නැහැ. මොකද හය දෙනාටම මේක කරන්න බැරි නිසා. නමුත් අයියට ආසාවක් තිබුණා මේක දියුණු කරන්න.

පසුව මම තායිලන්ඩ් ගියා ඩිසයිනින් ඉගෙන ගන්න. මාස තුනක් ඉඳලා මම ආපසු ආවා. මම මූලික දේවල් ටික විතරයි ඉගෙන ගත්තේ ඒ කෝස් එකෙන්. උපාධිය ගන්න බැරි වුණා මම මඟදි අතහැරලා ආපු නිසා. පසුකාලීනව 1980 ගණන්වලදී මම ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අයියලා දෙන්නා ව්‍යාපාරයේ පරිපාලනය, මූල්‍යමය පැත්ත බලද්දී මම පාරිභෝගිකයන් සහ විලාසිතා නිර්මාණය කිරීමට සම්බන්ධ වුණා. ඉතින් ඒ විදිහට තමයි හමීඩියා අද තියෙන තැනට ආවේ. අද හරිම සතුටුයි. අපි හරිම සුවිශේෂීයි. අපේ ඇඳුම්වල ගුණාත්මක බව හරිම ඉහළයි. මැන්ෂන් කියන්නේ අද වන විට එධපතඤ ඛ්තචඵඵ ර්ඥද'ඵ ඉඩධන එකක්. ඡ්දමධර කියන්නේ ධ්දබඥපදචබඪධදචත ඕපචදඤ එකක්. අද සේවකයෝ එක්දහස් ගණනක් වැඩ කරනවා. ශාඛා ගොඩක් තියෙනවා.

අනික් කාරණය තමයි අපි දකිනවා වර්තමානයේ 90%ක්ම පවුලේ ව්‍යාපාර දෙවැනි පරම්පරාවෙන් කඩන් වැටෙන ආකාරය. පුංචි කාලයේ ඉඳන් අපේ පවුල්වල අපේ සහෝදරයෝ අතර එකමුතුව හදලා තිබුණා. මොන ප්‍රශ්නය ආවත් එකට ඉන්න කියලා අම්මලා තාත්තලා කියලා දුන්නා. අද වෙනකොට සන්තෝසයි කියන්නත් තුන්වැනි පරම්පරාවත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. දැනටමත් මගේ දුව, මගේ අයියලාගේ දරුවෝ මේකට සම්බන්ධයි.

අපි අතර ලාභය බෙදා ගන්න ප්‍රශ්න නැහැ. කැපිලා පේන්න ප්‍රශ්න නැහැ. අයියලා කාර් එකක් ගත්තොත් ඊට වඩා හොඳ කාර් එකක් මට අරගෙන දෙනවා. එයාලා ගෙයක් ගත්තොත් මටත් ගෙයක් අරගෙන දෙනවා. එහෙමයි අපි ජීවත් වෙන්නේ.

ඒ කියන්නේ පුංචි කාලේ හීන දැක්කේ හොඳ ඇඳුම් විලාසිතා නිර්මාණකරුවෙක් වෙන්න.

ඒක මට සහජයෙන් ආපු දෙයක් ඇත්තටම. නමුත් පූර්ව සැලසුමකින් තොරව, පූර්ව දැනුමකින් තොරව තමයි මේ ගමන ආවේ. ඇත්තටම අම්මාට ගොඩක් ස්තුති කරනවා මම. මොකද මේ කඩේ අපිට දීලා කිව්වා අපි මේ ව්‍යාපාරය කරන්නේ නැත්නම් කඩේ ඇතුළේ පොල් හරි දාගෙන ඉන්න. ඒක කවදාහරි ඔයාලගේ දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. මම වෙන රැකියාවල්වලට ඉන්ටර්වීව් පවා ගිහින් තියෙනවා. නමුත් ඒක ලැබුණේ නැහැ. අවසානේ මට උරුම දේ මට ලැබුණා.

විලාසිතා කරන පිරිමින්ට දෙන්න කැමැති උපදේශය මොකද්ද?

මම අපේ පුරුෂ පාර්ශ්වයට හරිම ආදරයෙන් කියනවා තමන්ගේ බිරියට හෝ පෙම්වතියට ජ්චඵඩඪධද ගැන 100% අවබෝධයක් නැත්නම් අනේ එයාලා කියන එයාලා ආස ජ්චඵඩඪධද කරන්න යන්නෙපා කියලා. මොකද කාන්තාවෝ බොහෝ වෙලාවට තමන්ගේ පෙම්වතාව හෝ සැමියාව එයාලා ආස කරන නළුවා වගේ හෝ මොඩ්ලර් වගේ කරන්න යනවා. ඒකෙන් හාස්‍යයට ලක් වන්නේ තමන් ආදරය කරන පිරිමියාමයි. ඇයට හොඳ ජ්චඵඩඪධද ම්දධඹතඥඤඨඥ එකක් තියෙනවා නම් ඇය කියන දේ කළාට කමක් නැහැ. මුලින්ම තමන්ගේ වෘත්තීය, තමන්ගේ වයස, තමන්ගේ ශරීරය, පාට ගැන අවධානය යොමු කරලා තමන්ට හරියන විලාසිතාව තමන්ගේ දැනුම අනුව කරන්න කියලා මම කියනවා.

අද වන විට මේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල ලොකු තරගයක් තිබෙනවා. ඒ නිසා ඕනෑ තරම් අභියෝග අවදානම් ඇති.

ඔව්, විශාල තරගයක් තිබෙනවා තමයි. නමුත් මට ඉතා හොඳ මට්ටමේ ඉතා දක්ෂ ඩිසයිනර්ලා ඉන්නවා. මාත් ඇතුළුව. මට හොඳ ඊඥචථ එකක් ඉන්නවා. යුද සමයේ අපේ ව්‍යාපාරය අපි පුළුල් කළා. ඒකට බොහෝ අය විවිධ කට කතා කිව්වා. නමුත් අපි ඒවා ගණන් ගත්තේ නැහැ. අපි විදෙස් රටවලින් ණයට බඩු අරගෙනයි එහෙම කළේ. ජපානය වගේ රටවල් අපිව විස්වාස කරලා මාස තුනක අත්තිකාරමක් විතරක් අරගෙන අපිට බඩු දුන්නා. ඉතින් එවැනි අවදානම් ඕනෑ තරම් තිබුණා. ඕනෑම ව්‍යාපාරයක් අමාරුයි. වඩු වැඩ කළත් මේසන් වැඩ කළත් තේ කඩයක් කළත් අමාරුයි. ඒ නිසා කොහොමත් අවදානම භාරගන්න වෙනවා.

කොහොමද බිරියගෙන් දරුවන්ගෙන් ලැබෙන සහයෝගය?

අපි සතුටින් ජීවත් වෙනවා. මට දරුවෝ තුන්දෙනක් ඉන්නවා. ඒ අය කැනඩාවේ අධ්‍යාපනය ලබනවා. එක් දුවෙක් අධ්‍යාපන කටයුතු නිමා කරලා ඇවිත් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. ගෙදර කටයුතුයි ව්‍යාපාරික කටයුතුයි සමබරව කරගෙන යනවා. මොන තරම් වැඩ තිබුණත් මම උදේ 5ට අවදි වෙනවා. ඊට පස්සේ ආගම අදහනවා. ඒ කටයුතු ඉවර වෙලා ව්‍යායාම කරලා තමයි අනෙක් වැඩ පටන් ගන්නේ.

ලංකාවේ පිරිමින්ට විලාසිතා කරන්න උගන්වන ඔබේ විලාසිතා මොන වගේද?

මගේ වයසත් සමඟ දැන් මට විසි වයස් තරුණයෙක් වගේ හැම විලාසිතාවක්ම කරන්න බැහැ. මම බොහොම පිළිවෙළට ඉබරතඪඵඩ විදියට ඡ්තඥඨචදබ ඹ්ධධඬ එකක් එන විදියට අඳිනවා. මම සාක්කු තිබෙන කමිස අඳින්නේ නැහැ. සාක්කු නැති කමිස තමයි දැන් ඊපඥදඤ එක කොහොමත්. සමහරු කමිස සාක්කුවේ ෆෝන් එකයි, යතුරුයි, කණ්ණාඩියයි, අරවයි මේවයි සේරම දාගෙන ඒක ලොරියක් කරගෙන ඉන්නවා. ඒක අවලස්සනයි. මම ව්චබභපචත ලිනන්, කොට්න් වගේ අඳින්න කැමැතියි. ර්ණීමඥප ච්පඥඵඵ කරන්න මම කැමැති නැහැ.

ඇත්තටම මම අඳින්නේ මගේම ඕපචදඤඵ. ඡ්දමධර සහ ජ්ඩ් මම අඳින ඕපචදඤ. ඔරලෝසු පාවිච්චි කරනවා හොඳ ඕපචදඤ වල. ඊට අමතරව අලුත් විලාසිතාවේ සපත්තු, කලිසම් අඳින්න මම කැමැතියි. සුවඳ විලවුන්වලටත් කැමැතියි. මම පාවිච්චි කරන්නේ අපේම ඡ්දමධර ඕපචදඤ එකේ පර්ෆියුම් එකක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon