සිරකරු සුබසාධනයට පුද්ගලික ව්‍යවසාය සහාය

  👤  3549 readers have read this article !
By mawbima 2018-03-18

සිරකරු සුබසාධන සංගමය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේ සහාය ඇතිව මෙරට බන්ධනාගාරවල රැඳවියන් සඳහා වූ මූලික අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි. සංගමයේ සභාපති මිලින්ද මොරගොඩ මහතා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පවතින අඩු පහසුකම් කවරේදැයි පරීක්‍ෂා කර බැලීමේ අවස්ථාවකට සහභාගි විය. ව්‍යාපෘති සම්බන්ධීකාරක ආර්.ඒ.ඩී. සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ඊ.ආර්. ළමාහේවා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහත්වරු මෙම අවස්ථාවට එකතු වූ අයුරු ඡායාරූපයෙහි දැක්වෙයි. ඉදිරි මාස කිහිපය තුළ වැලිකඩ බන්ධනාගාරයේ දීර්ඝකාලීන සිරදඬුවම් ලබන අංශය වෙනුවෙන් වැසිකිළි හා කැසිකිළි පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක් වෙන් කිරීමට ජෝන් කීල්ස් පදනම එකඟ වී ඇති බව මිලින්ද මොරගොඩ මහතා මෙහිදී අනාවරණය කළේය.

ගාමිණී සරත් ගොඩකන්ද

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon