විශ්වය දකින්න නෙත් දහසක් දුන් සුවිශේෂී විද්‍යා දැවැන්තයා

  👤  3585 readers have read this article !
By mawbima 2018-03-18

සජිත් රෝහිත ලියනගේ

ස්ටීවන් හෝකින් නම් අද්විතීය විද්‍යාඥයාගේ සමුගැන්ම ලෝකයට දරාගත නොහැකි පාඩුවක් ගෙන දුන්නකි. හෙතෙම අද්විතීය විද්‍යාඥයකු වන්නේ කෙසේ දැයි ච්චඪතර ර්චඪත පුවත්පත තැබූ සටහනින්ම පූර්ණ වන්නේය.

'විශ්වයේ අෑත අනන්තයන් වෙත සිත යොමු කිරීමම අභියෝගයකි. එහෙත් ස්වකීය විද්‍යා දැනුමින් පරිපූර්ණත්වයට පත් ස්ටීවන් හෝකින්ස් විශ්වයේ කොතැනකවත් තිබේ යැයි සිතන්නට බැරි කලු කුහරයන් ඇති බව ලොවට හඳුන්වා දුන්නේය. එය මානව ඉතිහාසයේ යෝධ පිම්මක් පැනීමක් හා සමානය. කළු කුහර පිළිබඳව තවත් සොයා බලන්නට උනන්දු කරවූ මේ වන විටත් පර්යේෂණ සිදුකරන සුපිරි විද්‍යාඥයන්ට ස්ටීවන් හෝකින් අත්වැල සැපයීය. එමෙන්ම සාපේක්ෂතාවද පිළිබඳ ගැඹුරු සොයා ගැනීම හා එහි පුළුල් දැක්වීම ලෝකය අවදි කරන්නක් විය. ඒ මත නිමැවූ දේ බොහෝය. ඒ මත ආධාරකයන් සේ නැඟීසිටි දෑ බොහෝය.'

හෝකින්ස්ගේ කතාවේ ලිඛිත ඉතිහාසයට එක්වන අපූරු නිර්මාණ කිහිපයකි. ඉන් ඔහුගේ ඒ ඕපඪඥට ඩ්ඪඵබධපර ධට ඊඪථඥ (1998) සුවිශේෂය. විශ්වයට ඇරුණු නෙත් ඇත්තවුන් බිහිකළ ඕතචජඬ ඩ්ධතඥඵ චදඤ ඕචඡර උදඪමඥපඵඥඵ චදඤ ර්ණීබඩඥප ඡ්ඵඵචරච (1993) වැදගත්ය. එමෙන්ම ඊඩඥ උදඪමඥපඵඥ ඪද ච ව්භබඵඩඥතත (2001) ලෝකයා අවදි කෙරුණකි. එසේම රොජර් පෙන්රෝස් නිමැවූ ඊඩඥ ව්භබභපඥ ධට ඉනචජඥ චදඤ ඊඪථඥ (1996) ද සුවිශේෂී මතක සටහන් තැබීය.

ඔහුගේ සුවිශේෂම හේතු දැක්වීම නම් ක්වොන්ටම් විද්‍යාව පිළිබඳ දැක්වීමයි. එහිදී විශ්ව සම්භවවාදය, සාපේක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් විද්‍යාවේ එකතුවක් බව පැහැදිලි කළේය. තවද විශ්වයේ කළු කුහරවලින් ශක්තිය නිකුත් වන බවත් පසුව එය නැති වී යන බවත් නිසාවෙන් පසු කාලයක මේ සොයාගැනීම නිසා ඊට 'හෝකින් විකිරණය' ලෙස නම් තැබිණි.

විද්‍යා දැනුමෙන් පෙළහර පෑවත් ඔහු ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළුණේය. එය සොයා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22කි. ඉහත කී රෝගී තත්ත්වය මත ඔහුට ජීවත්වෙන්නට ඇත්තේ තවත් ටික කාලයක් බව වෛද්‍යවරුන්ගේ මතය විය. රෝගී තත්ත්වයෙන් ඇද වැටුණත් ඔහු සිතින් ඇදවැටුණේ නැත. රෝගී වුවත්, රෝද පුටුවකට බර වුවත් කතා කිරීමේ අපහසුතාව ඇති වූයෙන් බොහෝ විට සන්නිවේදනය සිදු කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් සහාය කර ගත්තේය. එය හඬ සංශ්ලේෂකයක් විය.
හෝකින්ස් සමඟ අසීරු කාලයක් ගත කළ ඔහුගේ දරුවන් ස්වකීය පියා පිළිබඳව දක්වන අදහස් අතිශය සංවේදීය.

'සැබැවින්ම ඔහු ශේ‍ර්ෂ්ඨ විද්‍යාඥයෙක්. ඔහු ලොවට දායාද කළ දෑ බොහෝ කලක් පවතීවි. වීර්යයත් අප්‍රතිහත ධෛර්යයත් පිළිබඳ සංකේතය ඔහුය. එය සැබැවින්ම සුවිශේෂය. ඔහු හාස්‍යය ද මැවීය. ඉන් රසවත් වූ අය බොහෝය. එයද ලොවට අමතක නොවනු ඇත.'

දරුවන්ගේ මේ සටහන්වලට එහා යමින් ඔහු විද්‍යාඥයකු පමණක් නොව වරෙක ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන් කිහිපයක් හරහාම ජනතාවට සමීප වූයේය. සුවිශේෂ වූයේය.
යහපත් සෞඛ්‍ය සම්පන්න අයකු නොවූවත් රෝද පුටුවේ සිට වුව හෝකින්ස් අනාගතයේ පෘථිවිවාසීන් ගැන සිහින දුටුවේය. විද්‍යාත්මක දැනුමින් අනාගතය සැලැසුම් කළ යුතු වන අයුරු කීවේය.

'තවත් අවුරුදු 200කින් පෘථිවිය මත මිනිසුන්ට වාසය කළ හැකි තත්ත්වයක් තියෙන්නෙ නෑ. ඒ නිසා වහ වහා ජීවත්වීමට හැකි පරිසරයක් සැකසිය හැකි ග්‍රහලොවක් වෙත සංක්‍රමණය විය යුතු සුවිශේෂ අවස්ථාවට මුහුණ දෙන්නට අපට සිදුවනු ඇත. ජනගහන වර්ධනය හා පාරිසරික ගැටලු නිසාවෙන් එය වැළැක්විය හැකි වනු ඇත. එසේම පිටසක්වළ ජීවීන් හා සබඳතා පැවැත්විය හැකිද නැද්ද යන්නෙහිද අවසානයකට එළැඹෙනු ඇත.'

මේ හෝකින්ස් අවසන්වරට දැක්වූ කරුණුය. ඔහු පළ කළ වැදගත්ම අදහස වන්නේ...

'පෘථිවිය මත ගැටෙන ග්‍රහකයක් නිසා හෝ පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණයක් නිසාවෙන් පෘථිවිය විනාශ වන්නට ඉඩ ඇත' යන්නය. මේ ප්‍රකාශය ලෝකය කලබලයට පත් කරවීය. ඒ නිසාම අවදි වූ විද්‍යාඥයන් දැන් දස අතේ වැඩය. පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීම වෙනුවෙන් එය පාලනය කිරීමට ඇවැසි වැඩසටහන් සක්‍රිය වී ඇත. ඔහු රුසියානු ධන කුවේරයකු වන යුරි මිල්නර් සමඟ එකතු වී පෘථිවියට ආසන්නවම ඇති ආලෝක වර්ෂ හතරක් දුරින් පිහිටි තාරකා මණ්ඩලයක් වෙත නැනෝ යානාවක් යැවීමට සැලැසුම් කළේය.

'එය සාර්ථක වුණා නම් අපේ ජීවිත කාලය තුළදීම අල්ෆා සින්චුරි වෙත ළඟා වෙන්න පුළුවන් වෙනවා' ඒ හෝකින්ස්ගේ ඉලක්කයේ එක් අවස්ථාවක් ගැනය.
මෙය හෝකින්ස් හැඳින්වූයේ අභ්‍යවකාශ ගවේෂණයේ අලුත්ම පිම්මකට මිනිසා පැනීමක් ලෙසය. එය වේගවත් අභ්‍යවකාශ තරණයක් හා කාලය අඩුවෙන් සැබෑව වෙත ළඟාවීමක් ඇති කර වන්නකි.

'විද්‍යා ප්‍රබන්ධවල එන වෙනත් ග්‍රහලෝක මත ඉදිකෙරෙන මානව ජනාවාස අපි චිත්‍රපටවලිනුත් දැකලා තියෙනවා. එය මිනිසාට සත්‍යවශයෙන්ම අත්විඳින්නට වන දිනය වැඩි දුර නෑ. එක ග්‍රහ ලොවක් මත පමණක් නොව ග්‍රහලෝක කිහිපයක් වෙත යන්නට හා ඒවායේ පදිංචි වන්නට මිනිසාට හැකිවනු ඇත.'

මේ හෝකින්ස්ගේ දැක්මය.

1942 බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩිෂයර් ප්‍රදේශයේ උපත ලද ඉබඥනඩඥද ඹඪතතඪචථ ඩ්චඹඬඪදඨ මියයන විට 76 වැනි වියෙහි පසුවිය. 1959දී ස්වාභාවික විද්‍යාව හැදෑරීමට තෝරා ගැනුණේද කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් සරසවියමය. පශ්චාත් උපාධිය උගත්තේ කේම්බි්‍රජ් සරසවියෙනි.

ඔහුගේ ඒ ඕපඪඥට ඩ්ඪඵබධපර ධට ඊඪථඥ ග්‍රන්ථය මිලියන 10ක් ඉක්මවා අලෙවි වූයේද එහි අන්තර්ගත විවාදාත්මක විද්‍යා කරුණු නිසාවෙනි.

1966දී ඇඩම්ස් ප්‍රයිස් සම්මානයද, 1978දී එඩින්ග්ටන් මෙඩ්ල් සම්මානයද, 1976දී මාක්ස්වෙල් මෙඩ්ල් සම්මානයද, 1975දී හෙන්මන් ප්‍රයිස් සම්මානයද, 1976දී හෝගස් මෙඩ්ල් ගම්මානයද, 1978දී ඇල්බට් අයින්ස්ටයින් සම්මානයද, 1985දී රාස ගෝල්ඩ් මෙඩ්ල් සම්මානයද 1987දී සිරුක් මෙඩ්ල් සම්මානයද, 1988දී වුල්ෆ් ප්‍රයිස් සම්මානයද, 1989දී ප්‍රින්ස් ඔෆ් ඔස්ටි්‍රයාස් සම්මානයද, 1978 ඇන්ඩෘෘ ජෙමන්ට් සම්මානයද, වැනි සම්මාන එක විට දිනාගත් හෝකින්ස් අවසන් වරට ඕඕඍඒ ෆවුන්ඩේෂන් ප්‍රයොරිටීස් ඔෆ් නොලේජ් ඇවෝඩ් සම්මානයද දිනාගත්තේය.

ඔහුගෙන් උගත්, ඔහු නිසා ඉදිරියට පැමිණි ලොව ප්‍රකට විද්‍යාඥයන් රැසකි. ඒ අතර බෘෘස් ඇලන්, රපායල් බව්සෝ, බර්නාඩ් කා, ක්‍රිස්ටෝපර් ගාල්කර්සි ප්‍රමුඛය.
ඕඕඛ් ය ඔහුගේ සමුගැන්මෙන් අනතුරුව ඉතා හොඳ වැඩසටහනක් සම්පාදනය කර තිබුණේය. බි්‍රතාන්‍ය පුවත්පත් හි ඔහු ගැන වෙසෙස් සටහන් තබා තිබුණේය. එයිනුත් බි්‍රතාන්‍යයේ කීර්තිමත් පුවත්පතක් වූ ඊඩඥ ච්චඪතර ඊඥතඥඨපචනඩ පුවත්පත තැබූ සටහන විශේෂයක් කොට දැක්වීම වටී.

'ස්නායු රෝගියකු වුවද ඔහු බෙලහීන මානසිකත්වයට එරෙහිව යමින් චින්තනයෙන් පිරිපුන් විය. හෙතෙම ලෝකයට විවෘතකර දුන් විද්‍යාවේ කවුළු තවත් දශක ගණනාවකටම අමතක නොවන්නට පුළුවන. ඒ ඔස්සේ මිනිසාට විශ්වයටත් තමන් ජීවත්වන ලෝකයටත් යහපතක් කළ හැකිය. පෘථිවිවාසීන් වශයෙන් යෝධ පිම්මක් පනින්ට මේ සිතැඟි තම නියමයන්ට ඔප්පු වී තව තවත් අලුත් දැනුම ලබාගනිමින් පෝෂණය වනු ඇත. එය ස්ටීවන් හෝකින් නම් සුවිශේෂ පුද්ගලයා මානව සමාජයට දායාද කළ සදාතනික තිළිණයක් වනු ඇත. ඔහු හැමවිට අපට සිහිවනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon