හායි......හායි... අරිගතෝ සයොනරා...

  👤  3704 readers have read this article !
By mawbima 2018-03-18

"හේ.....දක්.....දක්.....හෝව්.....හෝව්.....දක්....දක්.....!"

"අෑ....බං පොං අයියේ මක්කැයි අපේ ඇල්ලේ මිල්ක්තුමා අර බෆලෝ රංචුවක් දක්කන්නේ.....?"

"සුදට සුදේ ඇඳගෙන මොකද දන්නැහැ....මේ කිරිතුමා කොහෙද මේ යාළුවෝ ටික දක්කන්නේ.....?"

"මේ ඕනේම බෆලෝවකුට යුද්ධ කළ හැකිවාක් මෙන්ම ඕනෑම එකකුට කටින් නරි වාදන් දෙඩියද හැකිය...! කියලා පෙන්නන්ඩයි යන්නේ."

"ෂා....කවුරු වගේද......?"

"මේ.....මං වගේ.....!"

"අෑ......? ඒ කොහොමද..........?"

"මාද හැසිරෙන්නේ උන් වගේමය. උන් වගේම මාද උම්බෑ කියා හෝල් සේල් ඇනගන්නේය........!"

"අප්පා......කිසිදු ප්‍රතිඵලයක් නැතුවම.......?"

"අහෝ.....ප්‍රතිඵල ලැබේවී.......!"

"කවද්ද සෑර්.......?"

"ඊළඟ ඡන්දෙදි......!" එහෙම කියපු කිරිතුමා බෆලෝ සෙට් එක දක්කාගෙන ගම්පොළ ගියා.

ඔන්න ඉතින් පොං සහ පිං ඩබල ගොසිප් ඩයට් එක හොය හොයා ඇවිදින කොට එයාර්පෝට් එකේ ඉඳලා කදමලු පුරවාගෙන එන පොරවල් තුනක් එනවා දැක්කා.

"යකඩෝ......මේ අපේ පොල් ගමේ පොලයි, කළුතර තට්ට අප්‍රිය සිරිය, සෝමසිරි චන්ද්‍රවීරයි නොවැ.......කොහෙද අප්පේ මේ ගියේ......?"
"හායි....හායි......අරිගතෝ සයොනරා.....ගෙන්කි ඉප්පයි......!"

"හත් දෙයියනේ මේ මොන අපරභංසද......?"

"මේ මල්ලී.....ජපන් .....ජපන්......"

"අෑ.....? එහේ කොහේ හරි ගිහින්ද.......?"

"අපි රාජ්‍ය තාන්ත්‍රිකයෝ වශයෙන් ජපන් ටුවර් එකක් ගියා.....ඕ...ඉයෙස්.....!"

"මොනා කෙරුවටද......?"

"ඇයි ඕයි.....පසුගිය ඡන්දෙදි මීටින් හැට හුටා මාරක අපි රාසපක්ෂ රෙජීමයේ පළු අරිනවා දැක්කේ නැද්ද.....ඉතින් ඒකට කුත ගුණ දක්කන්ඩ අපිව ජපන් එක්කරගෙන ගියා......!"

"ඉතින් ගිහින් මොනවැයි කළේ?"

"මොනාද ඉතින් මුලින්ම කැස්සට උගුරේ අමාරුවට ජපන් බෙහෙත් ගත්තා.......!"

"ඒ......ඇයි.....?"

"කැස්ස කැහිල්ලට උගුරු වණවෙලා"

"ඊට පස්සේ....ගොඩක් රටට වැඩදායී සාකච්ඡාවලට සහභාගි වෙන්න ඇති නේද....?"

"මොන පිස්සුද බං....හොඳට සකේ ගහලා පොරවාගෙන බුදියගත්තා." එහෙම කියපු ටි්‍රබල බඩුත් කරේතියන් ගෙවල්වලට ගියා.

"මොකෝ බං.....අපේ ධනරිනතුමා මාර සතුටින් එන්නේ.....?"

"අප්පට හුඩු.....ඩබල් කෝට් බෑයකුත් දාගෙන....සෑර් මොකෝ මේ.....?"

"සෑර්.......? සෑර් නෙවේ මං දැන් ච්ප. සෑර්......!"

"එළ...එළ......ඒ කොහොමද....?"

"කොණ්ඩෙ බඳින එවුන් ඉන්න රටින් දුන්නා නොවැ.......!"

"ෂා.....මොකද්ද කරපු නිබන්ධනේ.....?"

"2500න් කන හැටි ගැන......!"

එහෙම කියපු ධන රිනතුමා කෝට් බෑගයත් අරන් සතුට පළ කරන්න මුදමැලනට ගියා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon