මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩුවක්

  👤  3428 readers have read this article !
By mawbima 2018-03-18

දෙනගම ධම්මික රණවීර

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩු පැවැරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු සංවිධාන කිහිපයක් පියවර ගෙන තිබේ.

එම නඩුව හෙට සඳුදා (19දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත භාර දෙන බව එහි ශ්‍රී ලංකා නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පැවැසීය. ආචාර්ය ගුණදාස අමරසේකර සහ ආචාර්ය සරත් වීරසේකර මහත්වරු එහි පෙත්සම්කරුවෝය.

බි්‍රතාන්‍යයේ රාජ්‍ය නීතිඥ ශ්‍රී මත් ජෙෆ්රි නයිස් ඇතුළු දෙස්-විදෙස් නීති විශාරදයන් එම නඩුව කෙටුම්පත් කිරීම සඳහා නීති උපදෙස් දී ඇත.

මානව හිමිකම් සමුළුවේ 30-1 ඕ.අයි.එස්.එල්. යෝජනා ඉදිරිපත් කළ ආකාරය වැරැදි බවත් එමඟින් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය උල්ලංඝනය වී ඇති බවත් චෝදනා නඟා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon