සීගිරියෙන් තවත් රහස් එළියට

  👤  3971 readers have read this article !
By mawbima 2018-03-18

දයා පෙරේරා

සීගිරිය උතුරු දියඅගලේ කැණීමකදී හමුවූ ටෙරා කොටාවලින් තැනූ සිංහ රූපය හා මැටි බඳුන් සීගිරිය සම්බන්ධ ඉතා වැදගත් කරුණු මෙන්ම සීගිරි කාශ්‍යප රජ සමයේ පැවැති අන්තර්ජාතික සබඳතා ගැන වැදගත් හෙළිදරව්වක් කර ගැනීමට හැකිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල විශ්වාසය පළකරයි.

සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන පැවැතිණි. උතුරු දිය අගලේදී හමුවූ මේ කුඩා සිංහ රූපයත් සමඟ සිංහ පාදයට ඉහළින් තිබූ සිංහ රූපයේ ස්වභාවයත් වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. සිංහ රූපයට අමතරව පබළු, යකඩ පුරාවස්තු, ටෙරා කොටා මැටි බඳුන් ඇතුළු තවත් පුරාවස්තු, රැසක්ම කැණීම්වලදී හමුවී ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

මේ සිංහ අනුරුව සීගිරිය නැරැඹීමට පැමිණි සංචාරකයන්ට සිහිවටනයක් ලෙස ලබාදෙන්නට ඇතැයිද මහාචාර්යවරයා කියයි. අතීත උරුමය ගවේෂණය කර මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා සාර්ථක ලෙස කටයුතු කරගෙන යෑමට අධ්‍යපන ඇමැති අකිල් විරාජ් කාරියවසම් අවශ්‍ය දිරිගැන්වීම් මෙන්ම සහයෝගයද ලබාදෙන බවත් අමාත්‍යාංශය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon