ආයතන 13ක කෝප් වාර්තා මේ සතියේ පාර්ලිමේන්තුවට

  👤  3490 readers have read this article !
By mawbima 2018-03-18

• අනුරාධා හේරත්

කෝප් කමිටුව විසින් විමර්ශනය කරන ලද ආයතන 13ක වාර්තා 5ක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගම,ලංකා රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික අධ්‍යාපන ආයතනය, ලංකා සෝල්ට් සමාගම ඇතුළු ආයතන 13ක වාර්තා ඉදිරිපත් වන බව කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති ඉරිදා "මව්බිම"ට කීය. සභාපතිවරයා පැවැසුවේ තම කමිටුව විසින් මෙතෙක් ඉදිරිපත් කළ වාර්තාවලට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමුකර නොමැති බවය.

ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ අදාළ විමර්ශන පිළිබඳ තොරතුරු මාධ්‍යට විවෘත කිරීමේ ක්‍රියාවලියකට තමා අවධානය යොමුකර ඇති අතර ඊට විදෙස් රටවලින් තමා ලද අත්දැකීම්ද පාදක කරගන්නා බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon