එජාප කෘත්‍යාධිකාරය 22වැනිදා රැස්වෙයි

  👤  3763 readers have read this article !
By mawbima 2018-03-18

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන 22 වැනි දින කැඳවීමට නියමිත බව සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

එජාප පසු පෙළ මන්ත්‍රිවරුන් පිරිසක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් මත පක්‍ෂයේ කටයුතු ප්‍රතිසංවිධානය කිරීම සඳහා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවීම සඳහා වූ ඉල්ලීම සලකා බැලීම, එජාපයෙන් තරග වැදී ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් නම් කිරීමේදී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීම, මෙවර මැයි දින රැලිය පැවැත්වීම, එළැඹෙන පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂය සූදානම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon