මෛත්‍රි ආ විගස හදිසි තත්ත්වය ඉවතට

  👤  3576 readers have read this article !
By mawbima 2018-03-18

චාමර අමරසූරිය

ජපන් සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු මෙරටට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කිරීමට කටයුතු යොදන බව රජයේ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු තව දින කිහිපයක් හදිසි තත්ත්වය රට තුළ පවත්වා ගැනීමට මීට පෙර තීරණය කර තිබිණි.

නමුත් ගෙවුණු සති අන්තයේ කලහකාරී ක්‍රියා කිසිවක් වාර්තා නොවීම මත ජනාධිපතිවරයා ජපානයේ සිට නැවත මෙරටට පැමිණෙන අද (18දා) දිනෙන් පසු පැනවූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon