විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජවිපෙන් සංශෝධනයක්

  👤  3737 readers have read this article !
By mawbima 2018-03-18

අනුරාධා හේරත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එකී යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙන එන්නේ නම් ඉන්පසුව මේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට ලැබේ.

කෙසේ වුවත් රටේ දේශපාලන ව්‍යාකූලත්වය හා පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවය මත මේ මොහොතේ විධායක ක්‍රමය අහෝසි කිරීමට වඩා හොඳ තත්ත්වයක් උදා වී තිබෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස බවද කියැවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon