රනිල්ගේ නායකත්වය වෙනස් කරන්න ඕන නෑ

  👤  4032 readers have read this article !
By mawbima 2018-03-16

නායකත්වය ගැන ඇතැමුන් කුමන ප්‍රකාශ සිදුකළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් සිදු කරනු ලබන ප්‍රකාශ ගැන අප කරන ලද විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙන බවත් එම කමිටු වාර්තාව ළඟදීම පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවී නව වැඩපිළිවෙළක් යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යා යුතු බවත් එජාප ගමනක් යැමේදී පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා තරුණ පිරිසේද ජවය උපයෝගී කරගනිමින් නව ගමනක් යෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාකළ හැකි බවත් කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තවම නම් කර නොමැති බවත් අපේක්ෂකයා කවුරුන්ද කියා සුදුසු අවස්ථාවේදී පක්ෂය විසින් ප්‍රකාශ කරනු ඇති බවත් කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon